...10nth Rose....

854 194 27
                                    

ගෙවිලා යමින් තිබුනේ වසන්තයේ අවසාන දවස් කීපය..ජන්කුක් රෝස් විලාවට ඇවිත් මාසේකුත් දවස් කීපයක් ඉක්මිලා..ගෙවුණු කාලේට ජන්කුක් හරාට ගොඩක් ලං වුනා... ලං වුනාටත් වඩා ජන්කුක් හරාට ආදරේ කලා... කවදා කොහොම ඒ හැගීම් හිතට දැනුන ද කියලා තේරුමක් ජන්කුක් ට තිබුනේ නෑ... ඒත් ජන්කුක් දන්නවා තමන් හරාට ආදරේ කරන බව....

රෝස් විලාවට එන්න කලින් හිතේ තිබුන හැම දෙයක්ම ජන්කුක් ට දැන් මතක නෑ... ජන්කුක් දන්නවා සිද්ධ වුන හැමදේටම වරද බලය ධනය පස්සේ දුවන සමාජේ මිස හරාගේ නොවන බව.... ජන්කුක් දැන් දන්නවා තමන්ටත් වඩා අසාධාරණයක් සිද්ධ වුනේ හරාට බව...ඉතින් හරාගෙන් පලිගන්න අදහස,හරාට රිදවන අදහස ජන්කුක් සම්පූර්ණයෙන්ම අමතක කරලා දැම්මා....
ඒ වෙනුවට ජන්කුක් හදවතින්ම හරාට ආදරේ කරන්න පටන් ගත්තා..
වෙලාව තාම උදේ හය පහුවෙලා විනාඩි කීපයක් විතරයි,  ජන්කුක් හිටියේ බැල්කනි එකේ පැති බැම්මට  වැලමිට බරකරගෙන පහල ගාඩ්න් එක දිහා බලාගෙන.... දැන් සති කීපයක ඉදලා ජන්කුක් ගේ උදෑසන රාජකාරී ය මේක.... ජන්කුක් දන්නවා තව ටිකකින් හරා ගාඩ්න් එකට එන බව....
ගාඩ්න් එක දිහාම බලාගෙන හිටපු ජන්කුක් ගේ අවදානේ ගිලිහුනේ phone එක රින්ග් වුන සද්දෙට... තේහයුන් ගේ නම්බර් එක ස්ක්රීන් එකේ සටහන් වෙනකොට ජන්කුක් phone එක ආපහු සාක්කුවට දා ගත්තා....

දැන් සතියක් තිස්සෙ ඉදන් තේහයුන් ජන්කුක් ට කෝල් කරනවා,  ජන්කුක් දන්නවා තේහෙයොන් ට ඕන රෝස් විලාවේ, හරාගේ විස්තර,.. ඒත් තව දුරටත් තේහයුන් ට හරාගේ රෝස් විලාවේ විස්තර දෙන්න ජන්කුක් ට ඕන වුනේ නෑ... ජන්කුක් හරාට ආදරේ කරනවා....ඉතින් දැන් ජන්කුක් ට ඕන හරාව පරිස්සම් කරගන්න..

ආපහු වතාවක් තේහයුන් ගේ නමින් phone එක රින්ග් වෙනකොට phone එක අතට අරගත්ත ජන්කුක් කෝල් එක කට් කරලා තේහයුන් ගේ නම්බර් එක බ්ලොක් කරලා දැම්මා....ටිකක් වෙලා තදින් තොල් හපපු ජන්කුක් ගේ මූනට හිනාවක් ආවේ පහල ගාඩ්න් එකට ආපු හරාව දැක්කම....

අහස් නිල් පාට දිග ගවුමක් ඇදලා හිටපු හරාගේ දුඹුරු පාට දිග කොන්ඩේ පිට දිගේ ඉහිරිලා තිබුනා...අතේ තිබුන මල් කපන කතුර පිටිපස්සට කරගෙන අනිත් අතින් පුංචි රෝස පොහොට්ටු වල සිනිදු පෙති වල ඇගිලි තුඩු අරගෙන යන හරා දිහා ජන්කුක් හිනා වෙලා බලාගෙන හිටියා.....හැම උදේකම දැන් ජන්කුක් දවස පටන් ගන්නේ මේ විදියට....

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now