4 years later....
වෙලාව රෑ නවය පහුවෙලා තිබුනා...හදිසියේම මුන ගැහුන තේහයුන් එක්ක ඩිනර් එකට ඇවිත් හිටපු ජන්කුක් හිටියේ ඩිනර් අරගෙන ඉවර වෙලා තේහයුන් එක්ක වයින් වීදුරුවක් තොල ගාන ගමන්...
"හාහ් ඇත්තටම කාලේ ඉක්මනින් ගෙවිලා ගිහින් ටේ....!!"
බර හුස්මක් ඉහල පහල දාලා වයින් වීදුරුව ටේබල් එක උඩින් තියලා ජන්කුක් කිව්වා....තේහයුන් ඇස් හරවලා ජන්කුක් දිහා බලලා පුටුවේ පිටිපස්සට හේත්තු වුනා...
"ඒත් මං තාමත් එකම තැන... "
වීදුවේ ඉතිරි වෙලා තියෙන වයින් ටික දිහා බලාගෙන ජන්කුක් කියනකොට තේහයුන් පුටුවෙන් ඉස්සරහට නැවිලා ටේබල් එකට අත් දෙක තිබ්බා....
"ජන්කුකා!! දැන් අවුරුදු හතරක්... දැන් අතීතේ අමතක කරලා ඉස්සරහට යන්න කාලේ හරි!!"
තේහයුන් කිව්වා...ජන්කුක් බිම බලාගෙන කට කොනකින් හිනා වුනා....ඒ හිනාව ඉස්සර වගේ සෙල්ලක්කාර හිනාවක් නෙවෙයි....ඒක වේදනාව පිරුන හිනාවක්!! සෝල් එන්න කලින් දවසේ රෑ හරා ඇගිල්ලට දාපු මුද්ද ජන්කුක් ගේ අතේ තාමත් තිබුනා... අතේ ඇගිලි ටික නවලා මුද්ද දිහා බලපු ජන්කුක් ඇස් උස්සලා තේහයුන් දිහා බැලුවා....
"හරා කොහේ ඇති කියලද ටේ හිතන්නේ?"
"ම්හ්, ඔය කියන විදියට හරාට එයාගේ පුංචි කාලේ යාලුවා හම්බ වුනා නම්, "
තේහයුන් උරහිස් ගැස්සුවා...
"සමහරවිට හරා ඒ කොල්ලා එක්ක කොහේට හරි ගිහින් ජිවත් වෙනවා ඇති, නැත්නම්..."
තේහයුන් බිම බලාගෙන අතේ තිබුන වයින් වීදුරුව කැලතුවා...ජන්කුක් තේහයුන් දිහාම බලාගෙන හිටියා...
"හරා දැනටමත් ජීවතුන් අතර නැතුව ඇති!! මොකද ජන්කුක් රජතුමා හොයන්න පුලුවන් උපරිමේටම හරාව හෙව්වා, හරාගේ photo එක නොදැක්ක කෙනෙක් නෑ, ඉතින් කොහොමද හරා හැන්ගිලා ඉන්නේ?"
තේහයුන් කිව්වා... ජන්කුක් බිම බලාගෙන ම හිටියා....
"හරා කොහේ හරි ජීවත් වෙනවා ටේ, මට ඒක විශ්වාසයි!! "
ජන්කුක් හෙමින් මිමුනුවා, එයාලා වාඩි වෙලා හිටියේ හොටෙල් ගාර්ඩ්න් එකේ තරමක් අදුරු තැනක වුනත් ලා කහපාට ලයිට්ස් අතරින් ජන්කුක් ගේ ඇස් දිලිසෙන හැටි තේහයුන් හොදටම දැක්කා....
YOU ARE READING
✔♡HIDDEN ROSE♡ (JJK fiction)
Fanfictionආදරේ ඇබින්දක් වත් නොලබපු පුංචි රතු රෝස මලක් ලග නැවතුන වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර බඹරෙක්..... "තමුන් නිසයි මගේ පපා මගෙන් ඈත් වුනේ මින් හරා!!!... තමුන් නිසයි මගේ මමා හැමදාමත් මිනිස්සු න්ගේ නරක කථා ඇහුවේ!!! මන් තමුන්ට වෛර කරනවා!!! මං රජතුමාට ත් වෛර කරන...