....6th Rose...

774 199 28
                                    

රෝස් විලාවේ අවට photos කීපයක් විතරක් තේහයුන් ට සෙන්ඩ් කරපු ජන්කුක් තේහයුන් හරාගේ photo එකක් ඉල්ලද්දී  phone එක ඇද උඩට වීසී කරලා අත් දෙකෙන්ම කොන්ඩේ පිටිපස්සට කරගත්තා.... ජන්කුක්  එදා හරා එක්ක කථා කරයින් පස්සේ දැන් සතියක් ගෙවිලා ගිහින්...මේ සතියම ජන්කුක් හරාව මග ඇරියා....  ඇත්තටම සිද්ධ වුනේ ජන්කුක් හරා ඉස්සරහට නොගිහින් හිටපු එක විතරයි....  ඒත් ජන්කුක් ඈත ඉදන් හරා දිහා බලාගෙන හිටියා....

ඒ වගේම ජන්කුක් දැක්කා හරා ගේ ලොකු ඇස් සැරෙන් සැරේට ජන්කුක් ගේ රූම් එක දිහාවට හැරවෙන හැටි...  හරා වෙනදට වඩා වැඩි වෙලාවක් බැල්කනි එකේ ගත කරන හැටි..... ඒත් ජන්කුක් කිසිම වෙලාවක හරාට පේන්න ආවේ නෑ....

අදත් මුලු හවස් වරුවම හරා කලේ බැල්කනි එකට වෙලා සැරෙන් සැරේට ජන්කුක් ගේ රූම් එක දිහා බලාගෙන හිටපු එක.... රියා එක්ක කෝල් එකක හිටපු ජන්කුක් මේ හැමදේම දැක්කා..... රියාට ඕන වුනේත් ජන්කුක් ව මුන ගැහෙන්න,  ඒ වගේම හරාටත් ඕන ඒක කියලා ජන්කුක් ට හිතුනා..

ඒත් රියා තමන්ව හම්බ වෙන අරමුනට හාත්පසින්ම වෙනස් අරමුණක් හරාට තියන්නේ කියන එක තේරුම් ගන්න තරම් අවබෝධයක් ජන්කුක් ට හරා ගැන තිබුනේ නෑ..... වෙලාව හවස පහ පහු වෙලා තිබුනා.... සුන්දර වසන්ත අහස නිල් පාටින් දිස් වුනා.... හුලග ටිකක් තදින් හමාගෙන ගියා..... මෙච්චර වෙලා බැල්කනි එකේ හිටපු හරා ටිකක් වෙලා පහලට එබිලා බලාගෙන ඉදලා ඉක්මනින් බැල්කනි එකෙන් මෑත් වෙලා රූම් එක ඇතුලට යනවා ජන්කුක් දැක්කා.... ජන්කුක් රූම් එකෙන් එලියට ආවා.... 

ජන්කුක් දැක්කා උද්‍යානේ කෙලවරේ මල් වැට අස්සෙන් හරා පහල මේපල් කැලෑව දිහාවට ඇවිදගෙන යන හැටි.... පිටිපස්ස හැරිලා බලන ගමන් හොරෙක් වගේ කැලෑව දිහාවට ඇවිදගෙන යන හරාව දැක්කම ජන්කුක් ට කේන්ති ගියා....

ජන්කුක් දන්නවා හරා යන්නේ එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් මුනගැහෙන්න!! ගෝඩ්  ඒත් හරා කීයටවත් ජන්කුක් ට කිව්වේ නෑ මිස්ටර්  චිම් කියන්නේ එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා.... ඒත් එහෙනම් හරා එයාව ඔඩොක්කුවේ තියාගෙන ඔලුව අතගානවා කිව්වේ.... ජන්කුක් තොල් උල් කරගෙන තමන් එක්කම තර්ක කලා..... ඒත් එදා ජන්කුක්ත් එහෙම හිටියා ඒත් ජන්කුක් හරාගේ බෝයී ෆ්‍රෙන්ඩ් නෙවෙයි කියන එක ජන්කුක් ට අමතක වුනා.....

✔♡HIDDEN ROSE♡ (JJK fiction)Where stories live. Discover now