🍁 Chapter 04 🍁

16 2 0
                                    

2016.........

එමී ගෙදර ගේට්ටුව ඇරලා එලියට එද්දිම එයාට  ඇහුණෙ හෝන් සද්දයක්.

පීප් පීප්

සුදූපාට BMW කාර් එක ඇතුලෙ ඉඳපු කෙනා අඳුරගන්න එමීට වැඩි වෙලාවක් ගියේ නෑ.මොකද ඒ ජන්හ්‍යුන් නිසා.හොඳයි ඉස්සර එයාට තිබ්බෙ නිල් පාට කාර් එකක්.ඒත් දැන් සුදු.කොහොම උනත් එමී ආපහු ගේට්ටුව ඇරගෙන ගෙදරට ගිහිල්ලා ගේට්ටුව වහලා දැම්මෙ 'ජන්හ්‍යුන් තමුසෙට මගෙ හිතේ ඉඩක් නෑ ' කියන්න වගේ.

එමීගෙ හිතේ මේ වෙද්දි ජින් ගැන පොඩි දෙයක් තිබුණත් එයා ඒක ගැන වැඩිය හිතන්න ගියෙ නෑ.අනික ජින් කියන්නෙ අඩුම තරමෙ එමීගෙ bais වත් නෙවේ.එයා නම් කියන්නෙ එහෙම.ඒත් එහෙම නැත්තම් ඇයි කාමරේ ගහලා තියන ෆොටෝස් වලින් බාගෙට බාගයක්ම ජින්ගෙ ෆොටෝස් උනේ.එමී ම තමයි ඒක දන්නෙ.

"කැහ් කැහ්..."

එමී ගෙට ඇතුල් වෙද්දිම ඇහුනෙ අප්ප කහින සද්දෙ.

"අප්පා...!"

එමී ගිහින් බලද්දි එමීගෙ අප්පා හෝ ගාලා කහිනවා.කටින් ලේත් එනවා.අම්මා එයාගෙ පිට අත ගානවා අඬ අඬා...

"අප්පා..හ්!මොකෝ මේ..."

එමී ගිහින් එයාගෙ අප්ප ළඟින් ඉඳ ගත්තෙ අඬ අඬාමයි...

.

.

.

.

.

.

.

.

.

"අප්පට මොක ද ඒ උනේ අම්මෙ?"

එමී අප්පට නින්ද ගියාට පස්සෙ ඇවිත් එයාගෙ අම්මගෙන් ඇහුවෙ ඇස් වල කඳුළු පුරවගෙන.ඔව් තාමත් අප්පට කැන්සර් එකක් කියලා එමීගෙ අම්මා එයාට කියලා තිබ්බෙ නෑ.ඒත්  දැන් ඒ දේ එමී දැනගන්න කාලෙ හරි කියලා හිතපු එමිගේ අම්මා එමීගෙ අතින් අල්ලගත්තා.

"අප්පට..."

එයාගෙ අම්මගෙ ඇස් වලින් කඳුළු කැට එක දෙක කඩන් වැටෙන්න පටන් ගද්දි එමීට තේරුනා අප්පට ලොකු ලෙඩක් කියලා.

"ඔයාගෙ අප්පට පෙනහලු පිළිකාවක් මගෙ පුතේ..."

එහෙම කිව්ව ඔම්මා එමීව බදාගෙන අඬන්න ගද්දි එමීගෙ ඇස්වලිනුත් කඳුළු වැටුනා.එයාට හිතුනෙ එක දෙයයි.

World Wide Beauty |[wwh]|Where stories live. Discover now