🍁 Chapter 06 🍁

15 4 0
                                    

2021.........................

"හරි ගුඩ්...තව ටිකක් පැත්තට හැරෙන්න..look at your shoulder ...left.... මෙහෙ බලන්න හිනාවෙන්න gooood...දැන් කොණ්ඩෙ ගස අරින්න.කෝ බූල් බෑන්ඩ් එක ගලවන්න ලස්සනට..gooooood ok .කට්...දැන් බ්‍රේක් එකක් ගන්න.ගුඩ්ජ් ජොබ් එමිලියා.ශැම්පු ඇඩ් එක ගන්න පුලුවන් වෙයි."

"Thank you director "

ඩාක් බ්ලූ කොට ගවුමකට කොන්ඩෙ කඩා දාලා ෆොටෝ ශුට් එකේ ඉඳපු එමී ටිශූ එක්කින් මූණ පිහිදමින් ආවෙ හිනාවක් දෙතොල් අතරෙ තියාගෙනමයි.ඒ වගේම එයාට විශ් කරන හැමෝටාම ඔලුව නමලා ආචාර කරන්න එමී අමතක කලේ නැහැ.
එමී එතනින් එහාට එද්දි එයාගෙ හිනාව දෙගුණ උනේ සෝෆා එකේ ඉඳගෙන ෆෝන් එකේ මූන ඔබාන ඉඳපු ජින්ව දැකලා.ජින් එමීගෙ ගවුමටම මැච් වෙන්න කලු ට්‍රෞසර් එකට තද නිල් ශර්ට් එකක් ඇඳගෙන හිටියා.

"ජින්.."

ෆෝන් එක කට් කරලා සාක්කුවට දාගෙන ජින් එමීට ලස්සන හිනාවක් සංග්‍රහ කලා.

"අපි රූෆ්ටොප් එකට යමු?"

ජින් අහද්දි එමී ඇයි කියලා ඇහුවත් ජින් වචනයක්වත් නොකියා එමීව රූෆ්ටොප් එකට ඇදගෙන ගියා.

හොඳයි ඒක ගොඩාක් උස බිල්ඩින් එකක්.ගොඩා......ක්.ඉතින් සෝල් නගරෙ හැම තැනක්ම වගේ එතනට පෙනුණා.ලාවට ඉර බැහැගෙන යන හින්දා එතන තවත් ලස්සනට පෙනුණා.

ජින් එමීගෙ අතින් ඇදගෙන එතනට ආවම එමී පුදුම උනා.පුදුම නොවී තියේ ද?එතන බිම පුරාම නිල් , සුදු බැලුම් බෝල විසිරිලා.එමී ජින් දිහා බැලුවා.ජින් හිනාවෙලා වටපිට බැලුවා.එමිත් වටේටම තව ටිකක් ඇස් යැව්වා.එමීගෙයි ජින්ගෙයි අයිස් ක්‍රීම් ඇඩ් එක.ඒක බිල්ඩින් එකේ රූෆ්ටොප් එකේ සෝල් නගරෙටම පේන්න හයි කරලා තිබුණ ලොකුම ලොකු තිරයේ ප්‍රදර්ශනය වෙමින් තිබුනා.එමීගෙ අතින් ඇදගෙන රූෆ්ටොප් එකේ මැදට ආපු ජින් දන ගහගත්තෙ ඔන්න ඔය වෙලාවෙදි.
එමී පුදුම වෙලා බලාන හිටියත් මෙතන වෙන දේ නොතේරෙන්න තරම් මෝඩයෙක් නෙවේනෙ එයා.

"ඇත්තටම එමීලියා මේකෙ කිසි ලස්සනක් ස්ප්‍රයිස් එකක් නෑ.ඒ උනාට මං හිතනවා ඔයා ඒකට මං එක්ක තරහා වෙන එකක් නෑ කියලා.නිකං බැලුම් ටිකක් විතරයි බිම අතුරන්න පුලුවන් උනේ.මං හිතාන හිටියෙ නම්සන් ටවර් එකම බුක් කරලා සෝල් නගරෙටම පේන්න ඩ්‍රෝන්ස් වලින් මේක ඔයාට දැනගන්න සලස්සන්න.ඒත් මේක හදිස්සියක්."

You've reached the end of published parts.

⏰ Last updated: Jul 15, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

World Wide Beauty |[wwh]|Where stories live. Discover now