අද පුන්චි පවුලම හරි සතුටින්.එයාලා කොන්සර්ට් එකක් බැලුවා...ස්ට්‍රීට් ෆුඩ්ස් කෑවා.....Concert එක ඉවර වෙලා btsලා ආචාර කරලා ෆෑන්ස්ලා එක්ක ෆොටෝස් ගහන්නත් අමතක කලේ නෑ.ෆෑන්ස්ලා 200ක් විතර හිටපු හින්දා ෆොටෝ ගහන එක එච්චර අමාරු උනේ නෑ.කොන්සර්ට් එක ඉවර වෙලා එමී එයාගෙ අප්පව පුටුවෙන් නැගිට්ටෙව්වෙ අතකින් අල්ලගෙන.එයාගෙ අම්මත් ජේ මින්ගෙ අනිත් අතෙන් අල්ලගෙන අනිත් පැත්ත හැරුණෙ යන්න කියලා.
"එමීලියා නූනා...."
ඒ හඬත් එක්ක එමී හැරිලා බැලූවාම දැක්කෙ බනී ස්මයිල් එකක් දාගෙන ඉන්න ජන්කුක් ව.
එමී එයාගෙ අප්පගෙ අත අතැරලා ආයෙත් පුටුවකින් ඉන්දලා ගියෙ ස්ටේජ් එක ළඟ ඉඳපු ජන්කුක් ගාවට.
"ජන්කුක්..!මාව මතක ද?මගෙ නම දන්නෙ කොහොමද ?"
"නූනා අපි අතරෙ හරි ෆේමස්.නූනා ලස්සන හින් දා"
"ඇහ්?"
"මං ආවෙ පොඩි දෙයක් දෙන්න නූනට.ජින් හ්‍යුන්ට ටිකක් මහන්සී වගේ.ඒ හින්දා එයා මට බනානා මිල්ක් එක්කුත් අල්ලසක් විදිහට දීලා මේක ඔයාට ගිහින් දෙන්න කිව්වා."
ජන්කුක් හුරතල් විදිහට කිව්වෙ ලෙටර් එකක් එමීගෙ අතේ රඳවන ගමන්.එමී ජන්කුක්ට හිනා උනා.
"මං යන්නම් නූනා.අද ඩ්‍රෝන් සන්දර්ශනයක් තියේලු නේ නම්සන් ටවර් එකේ"
"ඕ..මායි අප්පයි අම්මයිත් එහෙ තමා මේ යන්නෙ.එහෙනම් කුකී ගිහින් එන්නම්.එලියෙ ඉන්න එපා ඔයාව වනජීවී එකේ අය උස්සන් යයි හාවෙක් කියලා හිතලා."
අවුරුදු 16 ජන්කුක්ගෙ කම්මුලකුත් මිරිකපු එමී එයාගෙ අප්පවත් නැගිට්ටවගෙන යන්න ගියෙ ජින්ගෙ ලියුම එයාගෙ සාක්කුවට දාගෙන.
ස්ටේජ් එක පල්ලට වෙලා පොඩි කවුලුවකින් එමී දිහා බලන් ඉඳපු ජින්ගෙ හිත ඉරිසියාවකින් පිරිලා ගියෙ එමි කුකීගෙ කම්මුල මිරිකපු එක දැකලා.
"ජින් ඔයා බෙල්ල කෙලින් කරලා හාන්සි වෙන්න.නැත්තම් ඔයා ෆේන්ට් වෙයි."
ජූන්ට ට්‍රීට් කරමින් ඉඳපු ඩොක්ට කිව්වෙ ජින් දිහාට හැරිලා.ජිනුත් ඒ කිව්ව එක අහලා හාන්සි උනේ ඔලුව ඇත්තටම කැරකෙනවා දැනුනු නිසා.
YOU ARE READING
World Wide Beauty |[wwh]|
FanficDon't copy 🚫 Seokjin ff love story Girl×boy Start - End - සමහර විට ඒ දේ එහෙම නොවුනා නම්,මෙහෙම දෙයක් නොවෙන්න තිබුණා. පසුතැවීම් වෙලා වැඩක් නෑ දෙයක් උනාට පස්සෙ 🍁