🍁 Chapter 01 🍁

37 6 2
                                    

Emmi's pov

උදේ ඉඳලම තට්ට තනියෙන් ගෙදර ඉඳලා කම්මැලිකමේ බෑ.කවදාවත් හඳ පායන්නෙ නැති මගෙ හදවතට තරු හයක් උනු ඔප්පලා ටික උදේම කොහෙද ගියා.දැන් වෙලාව දවල්
2.10යි.තාමත් නෑනෙ මෙයාලා.උදේ ඉඳලා සෝෆා එකේ ඇලවෙලා ඉඳපු මං නැගිට්ටෙ මගෙ බඩත් අල්ලගෙනම.උදේට කෑවෙ නැති නිසාදෝ මන්දා ඇඟට පුදුම අමාරුයි.කොහොම කන්නද අප්පිරියයි මට.ඒත් ඔයා වෙනුවෙන් මං කන්න ඕනෙ නෙ.මං මගෙ මාස 5ක බබෙක් ඉන්න මගෙ බඩ අතගාන ගමන් හිතුවා."ඔම්මට සමාවෙන්න මැණික.මං හොඳ ඔම්මා කෙනෙක් නෙවේ නේද.ඔක්කොම වැරදි මගෙ.ඔයා කරපු එකම වැරැද්ද මං වගේ පව්කාරියෙක්ගෙ බඩට ආපු එක."මං බඩත් එක අතකින් අල්ලගෙන අනිත් අතෙන් බිත්තියට වාරු වීගෙන කුස්සියට ගියා.මං දැනුයි දැක්කෙ ෆ්‍රිජ් එකේ ගහලා තිබුණ ස්ටික් නෝට් එක

කෑම කන්න එමී..අපි එද්දි කාලා හිටියෙ නැත්තම් අපි ඔක්කොගෙම කෑම බලෙන්ම ගිල්ලනව හරිද.මං පෑන්කේක් හැදුවා ෆ්‍රිජ් එකේ තියේ කන්න ඕනෙ හොඳේ..
-නැම්ජූන් ඔප්පා-

මං ෆ්‍රිජ් එකේ තිබුණ පෑන්කේක් ප්ලේට් එකත් අරගෙන ලිවින් රූම් එකට ඇවිත් කන්න පටන් ගත්තා.ම්ම්ම් මේවා රහයිනෙ.ගොඩ දවසකින් ආසාවෙන් පෑන්කේක් තුනක්ම කෑවා.කාලා බඩ පිරුණට පස්සෙ කකුල් දෙකත් සෝෆා එක උඩට ගත්ත මං tv එක ඔන් කලේ දැන් ප්‍රවෘත්ති යන නිසා.මං news විතරයි බලන්නෙ.මොකද හැමදාම ඒ news එක tv එකේ කියයි කියලා මං බලාපොරෝත්තු වෙන නිසා.
ඔන් කරපු ගමන්ම මං දැක්කෙ ඔප්පලා ටික.ඔමෝ මෙන්න මෙයාලා tv එකේ.ජින් එයා ගැන ආරන්චියක්වත්......

මොහොතකට මගේ හිත සතුටින් පිරිලා ගියා.ඒත් ඒ තාවකාලිකව..

"ලෝකප්‍රසිද්ධ පිරිමි පොප් සංගීත කණ්ඩායම අද දින සිට අක්‍රීය වනු ලැබුවා.ඒ මීට මාස පහකට පෙර සිදු වූ ඔවුන්ගේ වැඩිමහල් සාමාජිකයාගෙ මරණයත් සමගයි.අපි දැන් මේ පිළිබඳ ප්‍රේක්ෂක අදහස් විමසා බලමු."

ඒ කතාවත් එක්ක මගෙ සතුටත් හදවතත් කෑලිවලට කැඩිල ගියා.එයා මැරිලා නෑ.මං දන්නවා මගෙ පැටියො ඔයාගෙ අප්පා ඉන්නවා.ඒක මට දැනෙනවා.කඳුළු කඩා වැටෙන ඇස්වලින් මං මගේ බඩ දිහා බැලුවා.මං දන්නවා එයා ඉන්නවා.මං එයාව හොයාගන්නවා.

World Wide Beauty |[wwh]|Where stories live. Discover now