එමී ඇඳට වෙලා කල්පනා කරමින් හිටියෙ ඊයෙ ජින් දුන්න අත් පත්‍රිකාව දිහා බාලාගෙන...අද ස්කූල් නිවාඩු.ඉතින් එමීට වෙනසකටත් එක්ක බැන්ටන් එකේ පලවෙනි ෆෑන් මීටින් එකට යන්න හිතුනත් එයා ඒ අදහස හිතින් අත් ඇරගත්තෙ අද එයාගෙ අප්ප එක්ක උපරිම කාලය ගත කරන්න පුලුවන් කියලා හිතෙද්දි.
"එමීලියා......ඔයාට අප්පා කතා කරනවා...."
"මේ එනවා අම්මා..."
අත් පත්‍රිකාව ගුලි කරලා එයාගෙ පුන්චි කාමරේ තිබුණු ඩශ් බින් එකට දාන ගමන් එමී දිව්වෙ එයාගෙ අප්පගෙ රූම් එකට.එමී යද්දි එයාගෙ අප්පා යුන් ජේ ඇඳේ ඉඳගෙන හිටියා.
"අප්පා..."
එමී ඇඳේ පැත්තක වාඩි වෙලා යුන් ජේ ගෙ අතකින් අල්ලලා මෘදු කටහඬකින් කතා කලා.
"පුතේ අද නිවාඩු නේ ද"
ජේ මිනුත් ඊට නොදෙවෙනිව කතා කලා.
"වේ අප්පා."
"නිවාඩු දවසෙත් ගේ අස්සෙ හිර වෙලා ඉන්නව නෙ ඔයා."
"අනියෝ....කවු ද අප්පා හිරවෙලා ඉන්නෙ.අද මං අප්පා ළඟින්ම ඉඳන් අප්පගෙ ඔක්කොම වැඩ කරලා දෙන්න හිටියෙ."
"අන්ද්වේ එමීලියා! ඔයා එලියට ගිහින් ඔයාගෙ නිවාඩුව ගත කරන්න.එතකොට මටත් සතුටුයි.අනික ඔයාට ආයෙ part time job එකේ කව ද නිවාඩු ලැබෙයි ද කියලා කවුද දන්නෙ?"
"අප්පා...? '_' "
"ම්වෝ...යන්නකො ඉතින්.වෙන දා වගේම මගෙ වැඩ ටික ඔම්මා කරයි.යන්න"
යුන්ජේ එමීගෙ අත පිරිමදින ගමන් තියද්දි එමී එයාගෙ අනිත් අතත් යුන් ජෙ ගෙ අත උඩින් තිබ්බා.
"එහෙනම් අප්පා ඕනෙ දෙයක් තිබ්බොත් මට කතා කරන්න හරි ද?මං ළඟට යන්නෙ.බෙහෙත් වෙලාවට බොන්න ඕනේ.... අනේ අප්පා පැණි රස නම් වැඩිය කන්න එපා.තනියෙන් එලියට යන්නත් එපා. තව-"
"යන්න පුතේ :)"
එමී එයාගෙ අප්පගෙ නලලට කෙටි හාදුවක් තියලා එයාගෙ පුන්චි රූම් එකට ගියා.පුන්චි උනත් ඒ රූම් එක පිළිවෙළට තියා ගන්න එමී අමතක කලේ නෑ.
දණහිස ලඟට එනකම් පැලුමක් තිබුණු සුදු පාට දිග ගවුමක් ඇඳලා දිග මහත කොන්ඩෙ ලංකාවෙ විදිහට උඩ ඉඳලම ගොතපු එමී මිරර් එක ඉස්සරහට ගියා.ටිකක් හැඩ බැලුවට පස්සෙ එයාගෙ රූම් එකේ තිබුණු ශූ රැක් එකෙන් අඩි නැති සිම්පල් ස්ලිපර්ස් දෙකක් දාගත්තා.ෆෝන් එකයි වොලට් එකයි විතරක් දාගන්න පුලුවන් පොඩි දිග පටි බෑග් එක්කුත් දාගෙන එමී ඩශ් බින් එකට දාපු කොළෙත් ඇරන් නමලා බෑග් එකට ඔබා ගත්තා. පුන්චිවත් මේකප් එකක් නොදා හිටියත් එමීලියාගෙ තිබුණෙ පුදුම ලස්සනක්.
YOU ARE READING
World Wide Beauty |[wwh]|
Hayran KurguDon't copy 🚫 Seokjin ff love story Girl×boy Start - End - සමහර විට ඒ දේ එහෙම නොවුනා නම්,මෙහෙම දෙයක් නොවෙන්න තිබුණා. පසුතැවීම් වෙලා වැඩක් නෑ දෙයක් උනාට පස්සෙ 🍁