"ගගනයා, උඹ සිරාවටම යනවද බං..?"
පැතුම් විමසුවේ එකඑල්ලේ මදෙස බලමිනි. මම හිස සලමින් තවත් Vodka උගුරකින් සන්තර්පණය වූවෙමි.
"උඹ මෙච්චර කාලයක් තිස්සේ නැහිලා නැහිලා business එක මේ තත්ත්වෙට ගෙනත් දැන් ඒ සේරම විකුණලා අහිකුන්ඨිකයා වගේ යන්නේ ඇයි බං....?"
යළිත් වරක් පැතුම් විමසන්නට වූයේ ඔහුගේ හිස් වූ වීදුරුවත්, මගේ හිස් වූ වීදුරුවත් යළි Vodka වලින් පුරවමිනි.
"ගෙදර ඉන්න බෑ බං තනියම...."
මම කෙටියෙන් පිළිතුරු දුන්නෙමි.
"අනික මං හිතන් ඉන්නේ US ගිහින් farming පැත්තට බහින්න... ඒක ඉස්සර ඉඳන්ම මගේ හිතේ තිබ්බ හීනයක්... දැනටමත් එහේ හොඳ farms දෙක තුනක් මං බලලා තියෙන්නේ..."
පාසැල් සමයේ පටන් සමීපත ම මිතුරා වූ පැතුම් හට සඟවන්නට තරම් රහසක් මගේ දිවියෙහි නොවීය.
"කිව්වම අහලා දැන්වත් settle වෙයං බං... Uncle පවා හැමදාම දුක්වුණේ uncle නැති දාක උඹ තනිවෙයි කියලා... හිතුවා වගේම ඒක උනානේ... කොච්චර බොක්කේ යාලුවෝ හිටියත් වයසට යනකොට තමන්ටම කියලා හව්හරණක් තියෙන්නම ඕනේ ගගනයා..."
පැතුම් කීවේ මා වෙතින් ඈත වූ ඉමක නෙතු රඳවාගෙන ය. ඔහුගේ නෙත් ඔස්සේ දෙනෙත් ගෙනගිය මගේ දෙනෙතට හසුවූයේ පැතුම්ගේ ආදරණීය දියණිය සහ පුතණුවන් ය. සිය බිරිඳ වූ නිරෝධා සමඟ සිනාසී කතා කරමින් සිටින ඔවුන් දෙදෙනා දෙසට යොමුව තිබූ පැතුම්ගේ දෙනෙතෙහි වූ සෙනෙහස හඳුනානොගැනීමට තරම් මම මුග්ධයෙකු නොවීමි.
"මට දැන් හතළිස්අටක් බං... දැන් ඉතිං දෑවැද්දට ළමයි දෙතුන්දෙනෙකුත් එක්කම තමා ගෑනියෙක්ව ගන්න වෙන්නේ..."
මා කීවේ මඳ සිනහවක් පාමිනි.
"අනේ පලයං ගගනයා යන්න... කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලපං උඹට හතළිස්අටක් කියලා පේනවද කියලා... නොදන්න කෙනෙක් තිස්පහකට වඩා කියන්නෑ... මේ ළඟදී අපේ කෙල්ල, නිරෝ එක්ක කියලා උඹට uncle කියලා කියන්න හිතෙන්නෑ කියලත්..."
පැතුම්ගේ සිනහවට මම ද දායක වුණෙමි.
"උඹට මාව පේන්නේ sugar daddy කෙනෙක් වගේද..?"
YOU ARE READING
තීව්‍ර 💥 || ✔️
Romanceතීව්‍ර 💥 සූවිසි වසරක් පුරා තම පාසැල් පෙම නමින් පේවී උන් ඔහු, ගගන රවිනාත්... ප්රේමනීය හැඟුම් මෝදුවන සොළොස්වන වියේ පටන් ඔහු ගැන හීන මැවූ ඇය, මේඝා රවිහාරි... අහිමි වූ ප්රේමයත්, දාරක සෙනෙහසත් අතර අතරමං වූ ඇය, මේනකා... මේ ඔවුන්ගේ කතාවයි. ✍🏼 සකුනි හ...