මේඝාත්, මාත් අතර සබඳතා වර්ධනය වූයේ වේගයෙනි. අප දෙදෙනාගේ ඥාතීත්වය තහවුරු කරගැනීම සඳහා වන විද්‍යාත්මක පර්යේෂණ සඳහා නීතිමය සහ විද්‍යාත්මකව සිදුකළ යුතු සියලු කටයුතු අප දෙදෙනා විසින් ම සිදුකරනු ලැබුවේ කිසියම් චකිතයකිනි. මගේ චකිතය ඈ හමුවේ මා හැකිතාක් පාලනය කරගැනීමේ දැඩි උත්සාහයක යෙදුණු නමුත් මා සිටියේ සසැලී ය. පැතුම් නිබඳව ම මා ශක්තිමත් කරමින් රැඳීසිටියේ යම් හෙයකින් මේඝා යනු මගේ දියණිය වුවහොත් යන අදහස පෙරදැරි කොටගෙන ය. එසේ ම ඔහු නිරන්තරයෙන් සෙවිල්ලෙන් පසුවූයේ මේඝාගේ මෙම DNA පර්යේෂණ ක්‍රියාවලිය පසුපස ඇගේ මව වන මේනකා සිටින්නේ ද යන්න පිළිබඳව යි. නමුත් ඒ පිළිබඳව කිසිඳු හෝඩුවාවක් අප හට සොයාගත නොහැකි වූයේ මේඝා පැහැදිලි ලෙස ම සිය පවුල සමඟ දුරස්ථ සබඳතාවයක් සහිත යුවතියක බව යළි යළිත් අප ඉදිරියේ ප්රත්යක්ෂ වූ බැවිනි.
DNA පර්යේෂණයේ ප්‍රතිඵල දැනගැනීමට දෙදිනකට පෙර මේඝා, මගෙන් කළ ඉල්ලීමක් වූයේ ඇගේ හොඳම මිතුරියන් දෙදෙනා හමුවීමට පැමිණෙන ලෙස ය. තම මිත්තණිය මියගිය පසු ඈ හට හුන් සමීපතමයන් වූයේ ඔවුන් ය. මේඝා, මගේ දියණියක වුවද, නැතිද මා, ඔවුන් හමුවීමට යාමට තීරණය කළෙමි.
එය බටහිර පන්නයට සකස් කළ සුඛෝපභෝගී ආපනශාලාවකි. අප එහි යන විට ද එහි පැමිණ සිටි මේඝාගේ දෙමිතුරියන්, අපිව සාදරයෙන් පිළිගත්හ. මේඝා සේ ම සැහැල්ලු ගතිගුණ සහිත යුවතියන් දෙදෙනෙකු වූ ඔවුන් දෙදෙනා ම, මා ඔවුන්ට වඩා විසිවයස් ඉක්මවූවෙකු බව අමතක කොට සමවයස් මිතුරෙකු සේ සලකා සුහද වූහ.
"මේ වෙරෝනිකා මඩුගල්ල. අපේ set එකේ පළවෙනි Mrs තමා මේ. මෙයාගේ husband මහීම මඩුගල්ල businessman කෙනෙක්. අපි ආදරේට මෙයාට කියන්නේ වෙරෝ කියලා...
එතකොට මේ සදීෂා ද්‍රෞපදී අලවිස්. මෙයාගේ තාත්ති තමයි සාලිය අල්විස්. මෙයාට අපි කියන්නේ දීෂා කියලා..."මේඝා, තම මිතුරියන් දෙදෙනා හඳුවාදෙමින් කීවා ය. වෙරෝනිකා, තරමක විදේශික පෙනුමක් සහිත යුවතියක වූ අතර සදීෂා වඩාත් සරාගී රුවක් සහිත යුවතියක වූවා ය. ඒ අතරින් සදීෂා, මගේ මතකයෙහි වඩාත් හොඳින් මතක සිටියේ මාරාන්තික බැල්මක් සහිත යුවතියක ලෙසිනි.
YOU ARE READING
තීව්ර 💥 || ✔️
Romanceතීව්ර 💥 සූවිසි වසරක් පුරා තම පාසැල් පෙම නමින් පේවී උන් ඔහු, ගගන රවිනාත්... ප්‍රේමනීය හැඟුම් මෝදුවන සොළොස්වන වියේ පටන් ඔහු ගැන හීන මැවූ ඇය, මේඝා රවිහාරි... අහිමි වූ ප්‍රේමයත්, දාරක සෙනෙහසත් අතර අතරමං වූ ඇය, මේනකා... මේ ඔවුන්ගේ කතාවයි. ✍🏼 සකුනි හ...