(මෙම කොටසෙහි වැඩිහිටියන්ට වඩාත් සුදුසු කරුණු, ඡායාරූප සහ වීඩියෝ අන්තර්ගත වන බව කරුණාවෙන් සලකන්න. 🔞⚠️)
විවාහයෙන් අනතුරුව මා මේඝාව රැඳවූයේ ගාල්ලේ පිහිටි මට අයත් සංචාරක නිවස්නයක ය. ඇයව කොළඹ රැඳවීම මගේ සිතට බරක් වූ බැවින් මෙරටින් පිටත් වන අවසන් තත්පරය දක්වා ඇයව ඇගේ පවුලෙන් ඈත් කරතැබීමේ උවමනාවක් මසිත පිළිසිඳ ගත්තේ කුමන කරුණක් අරභයාදැයි යන්න මට පවා අභිරහසකි. කෙසේවෙතත් කොළඹ දී මේඝාට, මා හමු වූ බව මේනකා දැනගෙන තිබුණේ ඇගේ මිතුරියක වූ සදීෂා විසින් Instagram හි පළ කළ සේයාරුවක් මඟිනි. අපගේ විවාහ උත්සවය දිනයේ දී ම මේනකා, මා සොයාගෙන මගේ කාර්යාලයට පැමිණීමට හේතුව වී තිබුණේ එය යි.
කෙසේ හෝ සොයාගත් මගේ කාර්යාලීය දුරකතන අංකයට මේනකා ඇමතුවේ මධුසමය අවසන් කොට නැවත මා කාර්යාලයට වාර්තා කළ දිනයේ දී ම ය.
"රවීට ළඟදි මේඝාව meet වෙලා තිබ්බා නේද..?"
දුරකතන සංවාදය අතරතුර දී මේනකා මගෙන් විමසුවා ය.
"ඔව්... මගේ පරණ business partner කෙනෙක්ගේ birthday party එකකදි මට මේඝාව meet උනා... Mr. අල්විස්ගේ දුව මේඝාගේ best friend කෙනෙක් කියලා කිව්වා..."
මා කීවේ අසත්‍යයක් නොවේ. සදීෂා, මේඝාගේ හොඳම මිතුරිය වූ අතර ඇගේ පියා සහ මා අතර ව්‍යාපාරික ගනු-දෙනු සිදුවී නැතැයි කිව නොහැක. උත්සවය සඳහා ආරාධනය අප දෙදෙනා හට ම ලැබී තිබූ අතර මා, මේනකා හට නොකියා යමක් සැඟවූවා නම් ඒ අප දෙදෙනා එම උත්සවයට සහභාගී වූයේ එක්ව යන්න බව පමණි.
"මට මේඝාව ගොඩක් miss උනා රවී... නාරද එයාව Colombo school එකකට දැම්ම නිසා එයා ගෙදරින් ඈත්ම වෙලා ගියා... මම එයාගේ යාලුවො ගැන ඒ හැටි දන්නෑ. එයා වැඩිය කියන්නෙත් නෑ... කෙල්ල මට ආදරෙයි තමා. ඒත් මට close නෑ... එයා ඔයා වගේ රවී. හරිම stubborn..."
මේනකා එලෙස කී විට නිසඟ සිනහවක් මගේ මුවගට නැංවිණි.
"අම්මලා, තාත්තලා ළඟ නැති උනාම ළමයි stubborn වෙනවා තමයි මේනු. මට උනෙත් ඒක... පොඩි කාලෙම අම්මා නැති උනා. තාත්තා හිටියට එයා business එක එක්ක busy උනා... ඒක මටවත්, මේඝාටවත් විතරක් වෙන දෙයක් නෙවේ. අපේ තැන ඉන්න ඕනෙම ළමයෙක්ට එහෙම වෙන්න පුලුවන්..."
YOU ARE READING
තීව්ර 💥 || ✔️
Romanceතීව්ර 💥 සූවිසි වසරක් පුරා තම පාසැල් පෙම නමින් පේවී උන් ඔහු, ගගන රවිනාත්... ප්‍රේමනීය හැඟුම් මෝදුවන සොළොස්වන වියේ පටන් ඔහු ගැන හීන මැවූ ඇය, මේඝා රවිහාරි... අහිමි වූ ප්‍රේමයත්, දාරක සෙනෙහසත් අතර අතරමං වූ ඇය, මේනකා... මේ ඔවුන්ගේ කතාවයි. ✍🏼 සකුනි හ...