(මෙම කොටසෙහි වැඩිහිටියන්ට වඩාත් සුදුසු කරුණු සහ වදන් අන්තර්ගත වන බව කරුණාවෙන් සලකන්න.🔞⚠️)
නාරද මොල්ලිගොඩගේ අභිමානවත් පාරම්පරික වලව්ව ඉදිරිපිට මගේ නවීනත ම ජීප් රථය නැවතූ මම එයින් පිටතට පැමිණියෙමි. පෙර දැනුම්දීමකින් නාරද හමුවීමට දිනයක් සහ වෙලාවක් වෙන් කරගෙන තිබූ බැවින් ගැටලුවකින් තොරව වලව් වත්ත තුළට පිවිසීමට මා හට හැකි විය.
ආලින්දයේ දී ම මා හඳුනාගත් මේනකාගේ මුහුණෙහි ඇතිවූයේ භීතියක සලකුණු ය.
"ර්..රවී ඔ..ඔයා මොනවද මෙහෙ ක්..කරන්නේ..?"
ආලින්දයේ සිටි මා දෙසට දෑස් විසල් කරමින් ඇය විමසුවා ය.
"ක්..කිව්වා නම් මං t..town එකට එනවනේ... අ..ඇයි ගෙදරට ආවේ..? තියන ප්‍රශ්න ව්..වැඩි කරන්නද හදන්නේ..?"
මම කෙටි සිනහවක් පෑවෙමි.
"අපිට දැන් පොඩි meeting එකක් තියනවා Mr. ගගන එක්ක...
මේනු, ඔයත් එනවා නම් හොඳයි... ගගන කියන්නේ ඔයා ඉස්සර ඉඳන්ම හොඳට දන්න කෙනෙක්නේ... පේන විදියට දැන් නම් පවුලේ කෙනෙකුත් වෙන්නද මන්දා යන්නේ...
By the way Mr. ගගන අපි යමු මගේ office room එකට..."පිටුපසින් ඇසුණු නාරද මොල්ලිගොඩගේ ගැඹුරු, තේජාන්විත හඬට මේනකා තිගැස්සෙනු මම ඇස් කොණින් දුටුවෙමි. නාරදගේ හඬට අනුව සහ ඔහු මොහොතකට පෙර කී දේවල් අනුව මෙම හමුව පහසු නොවන බව මම වටහාගත්තෙමි. නාරද වනාහි උසින් සහ ශරීර ස්කන්ධයෙන් මට අඩු පුද්ගලයෙකු වුවත් මනා ශරීරයක් පවත්වාගෙන යන තාරුණ්‍යයේ අවශේෂ තවමත් පිළිබිඹු කරන්නා වූ රුවක් සහිත පුද්ගලයෙකි. එබැවින් ඕනෑම අවස්ථාවකට මුහුණදීමේ සූදානමක් මම වහා මගේ සිත තුළ රෝපණය කරගත්තෙමි.
නාරදට ඉඟිකළ මම ඔහු පසුපසින් ඔහුගේ කාර්යාල කාමරය වෙත පියමැන්නෙමි. සිහිනෙන් ඇවිදින්නාක් බඳුව මේනකා මගේ පසෙකින් පියනැගුවා ය. කාර්යාල කාමරයට ඇතුල් වූ නාරද, මා හට අසුනක් අතින් පෙන්වමින් කාමරයේ දොර වසාදැමුවේ ය. මේනකා පසෙක වූ සෝපාවක් මත අසුන්ගත්තා ය. නාරද ඉඟිකර දැක්වූ අසුන මත මා අසුන්ගත්තේ නාරදගේ චලනයන් කෙරෙහි අවධානය තබාගෙන ම ය.
STAI LEGGENDO
තීව්ර 💥 || ✔️
Storie d'amoreතීව්ර 💥 සූවිසි වසරක් පුරා තම පාසැල් පෙම නමින් පේවී උන් ඔහු, ගගන රවිනාත්... ප්‍රේමනීය හැඟුම් මෝදුවන සොළොස්වන වියේ පටන් ඔහු ගැන හීන මැවූ ඇය, මේඝා රවිහාරි... අහිමි වූ ප්‍රේමයත්, දාරක සෙනෙහසත් අතර අතරමං වූ ඇය, මේනකා... මේ ඔවුන්ගේ කතාවයි. ✍🏼 සකුනි හ...