Chapter 03

173 53 2
                                    

2000/09/23
At 7.45PM
At home

දෙවියනේ!! ටේහ්යුන්ග්ව මට ආයේ හමුවුනා.. එයා මෙහෙට ඇවිත් තියෙන්නේ නවතින්න, එයත් අපේ university එකටම යනවා කිව්වම මං පුදුම උනා..එයා ඩෙන්ටිස්ට් ස්ටුඩන්ට් කෙනෙක්.. මං ඉන්නේ මෙඩිසින් එකේ.. අපි දෙන්නගේ ෆැකල්ටි තියෙන්නේ ඒක ලගමයි.. මං අද පාර්ක් එකට වෙලා පොතක් බලමින් ඉද්දි එයා මං ලගට අවා..මං හිතන්නේ එයා මට කැමති..

Flash back to 2000/09/23

"මේ මොන මගුලක් ද?" ජන්කුක් තමන්ගේ අතේ තිබුණු පොතේ තේරෙන්නේ නැති ටිකක් එද්දී පොත අහක් කරලා දැම්මේ එයාගේ වතුර බෝතලේ අරගෙන වතුර ටිකක් බොන ගමන්..

"මොකක් ද මගුල?" ඒක පාරටම ලස්සන කොල්ලෙක් ජන්කුක් ඉදගෙන හිටිය තැනින් ඉදගත්තේ එයාගේ අතේ තිබ්බ පොත් දෙක එතැන තිබුණු මේසේ උඩින් තියමින්..

ජන්කුක් නම් ඒ මුහුණ දැකල පුදුම උනා..

"ඔහ්හ්! මේ යුන්ගි ගේ යාළුවා ටේහ්යුන්ග් නේ.." ජන්කුක් එයාගේ ලස්සන හිනාවෙන්න අමුත්තාට සංග්‍රහ කරා..

"ඔව් ජන්කුක්ට මාව මතක තිබ්බ නේ ද? මං හිතුවේ මතක නැති වෙයි කියලා.." ටේහ්යුන්ග් භාගෙට හිනා වෙමින් ඇහුවා..

"ඔහ්හ් එහෙම වෙනවා ද? ඔයා වගේ ලස්සන කෙනෙක් අමතක වෙන්නේ නෑ.." ජන්කුක් හිනා වෙමින් උත්තර දුන්නා..

"ඔහ්හ් ඒ කියන්නේ ජන්කුක් පිලිගන්නවා මං ලස්සනයි කියලා..?" ටේහ්යුන්ග් පුදුමයෙන් වගේ බොරුවට ඇහුවා..

"අනිවාර්යෙන්.. ටේහ්යුන්ග් හුගක් ලස්සන මනුස්සයෙක්.. මට පුදුමයි ඔයාට ගෑනු ළමෙක් නැති වුනොත්!" ජන්කුක් හිනාවෙන්ම එයාට දැනගන්න ඕනේ දේ ඇහුවා..

"ඔහ්හ්.. ගෑනු ළමෙක්.. Not in my area.." ටේහ්යුන්ග් උත්තර දුන්නා..

"ඔහ් එහෙනම් පිරිමිලමෙක්? ඔයා දන්නවා එකට අවුලක් නෑ කියලා.." ජන්කුක් හිනාවක් එක්කම කිව්වා..

"මං දන්නවා ඒක අවුලක් නෑ කියලා, එත් නෑ දැනට.. එත් සමහරවිට අනාගතේදි?" ටේහ්යුන්ග් ප්‍රශ්නාර්ථයක් එකක් නැවැත්තුවා..

"හ්ම්ම්.. සමහරවිට.." ජන්කුක්ත් ටේහ්යුන්ග් එක්කම ඒක මිමිනුවා..

"ඔයාට ඉන්නවා ද? කවුරුම හරි?" ටේහ්යුන්ග් ජන්කුක්ගෙන් ඇහුවා..

"ඔහ්හ් නෑ.. මං නම් සිංගල්.." ජන්කුක් මුහුණ රතු කරගෙන මිමිනුවා..

"අහන්නත් සතුටුයි.. එහෙනම් මං අනාගතේදී සමහරවිට සිංගල් නොවෙන්න පුළුවන්.." එයා හිනාවක් එක්ක කිව්වා..

"ඔව් සමහරවිට.." ජන්කුක්ට ටේහ්යුන්ග් කියපු දේ තෙරෙද්දී එයත් පොඩි හිනාවක් එක්ක උත්තර දුන්නේ මේ වෙද්දී එයාටත් ටේහ්යුන්ග් ගැන උනන්දුවක් තිබුණු නිසයි..

Heartbeat | Taekook √Where stories live. Discover now