Chapter 29

108 33 8
                                    

'ලංවෙලා හිම සීතේ...පෑ නුරා නිල් දෑසේ...
පෑ සෙනේහේ...මා මත් වෙලා...'

හියුන්ගියා එක්ක එහෙ මෙහෙ රස්තියාදු ගහලා ගහලා නම්සන් වලටත් ගිහින් ලව් ලොක් එකක් දැම්ම මන් හියුන්ගිගේ අතේ පොලගෙක් වගේ වෙලීගෙන කවදාවත් හවසට වහන්නේ නැති ඒත් අද වහලා තීන අපේ ගෙදර මේන් ඩෝර් එක ලගට ගියා..

"හියුන්ගි...අද විශේෂ දවසක්ද..."

"ඔව් නේ බේබී..."

"මොකක්ද අද විශේෂේ...මට මතක නෑනේ..🙄"

"ඇතුලට යන්කො බේබී..එතකොට මතක් වෙයි..."

සූටි ඇගිලි වලින් මගෙ කම්මුලක් මිරිකුව හියුන්ගි මගේ අතේ ඇගිලි එක්ක එයාගේ අතැගිලි පටලගෙන ගෙට ඇතුල් උනා..

හනා..දුල්...සෙත්..

"සප්‍රාආආආආආආආආයිස්...."

"මොහ්...අද මගෙ බර්ත් ඩේ එකද..."

"ඔව්නේ බේබී..."

හරිනේ..හැපුවා මගේ කම්මුල..මෙයා හපලා හපලා මයේ කම්මුලයි බෙල්ලයි සතූවෙලා ඇත්තේ..ඒත් ඒක හරි ශෝයි..

"happy happy happy birthday මගෙ පුතේ..."

මගෙ ආදරනීය අප්පා මාව එයාගේ අත්දෙකට මැදිකරගන්න ගමන් එහෙම කියද්දි ඔම්මත් ඇවිත් මගෙ නලලට කිස් එකක් දීලා විශ්කලා..

"happy birthday බෙයාර්...😝"

මගේ කම්මුලකින් ඇද්ද මගෙ හියුන් ඒම විශ්කරාම මගේ ලගට ඇවිත් කරෙන් අත දාගත්තු කුකී 'හැපි බර්ත් ඩේ බොක්ක' කිව්වා.

මන් ගෙදරට ඇතුල්වෙලා ඉද්දි හැංගිලා හිටි කට්ටිය එක්කෙනා දෙන්නා එලියට ඇවිත් මට විශ් කරද්දි හිනාකටක් පුරෝගත්තු මන් එයාලාට ස්තූති කලා..

ප්‍රොෆෙසර් ජින්,සුදුබෝලේ,කුකී,එයාගේ bf හොබී හියුන්,ඔම්මා අප්පා,මගෙ හියුන්, මගෙ එයා..

*ආ...කාලෙකට පස්සේ අංග සම්පූර්න බර්ත් ඩේ එකක්.මේකනම් හරිම ශෝයී...*

බර්ත් ඩේ කේක් එක කපලා පුන්චි බර්ත් ඩේ පාර්ටි එක එන්ජෝයි කරන කට්ටිය දිහාට බැල්මක් දැම්ම මන් මගේ ඇස් තෙත් වෙන්න නොදි තියාගන්න උපරිම ට්‍රයි කලා.

*මට ඔයාව හැම බර්ත් ඩේ එක්කදිම මතක් උනා හියුන්ගී..🥺*

හියුන්ගියා මාව දාලා පැරීස් ගියේ එයාගේ හයිස්ටඩීස් වලට වගෙම එයාගේ ඔම්මගෙ අප්පගේ ඉල්ලීම නිසා කියලා හොද හැටි දන්නවා උනත් මට එයාව ඒ කාලේ ගොඩාරියක් මිස් උනා..

අපෙ ඔම්මයි අප්පයි එයාලා නැතිව මාව පැරීස් යවන්න අකමැති උන නිසා අපිට සෑහෙන කාලයක් වෙන් වෙලා ඉන්න සිද්ද වුනා.හැබැයි ඒම කියලා එයා ගැන මගේ හිතේ තිබ්බ ආදරේ වෙනස් උනේ නෑ.

එයාගෙත් ඒම වෙන්න ඇති..ඒකනේ එයා අවුරුදු පහක් ගියත් එයා තාමත් එයාගේ හදට ගොඩක් ආදරේ කරන්නේ..

"බේබීයා..."

"ම්හ්.."

එක සැරේම මගේ පිටිපස්සෙන් ඇහුන හියුන්ගිගේ රහස් හඩට මන් ගැස්සිලා යද්දි එයා මගේ ඉස්සරහට ආවා..

"මගෙ මැනික..will you marry me ???"

ඒක හීනයක්ද...අනේ මගේ හියුන්ගියා ඕම දන තියන් ඉන්නෙපා..කකුල් සිදේවී...

"මන් කැමතියි හියුන්ගී.."

හියුන්ගි අල්ලන් හිටි මගේ අතගැලිවලින් එයාගේ අතගැලි තදකරලා අල්ලගත්තු මන් එහෙම කිව්වම මගෙ අතින් චූටි කිස් එකක් තිබ්බ එයා නැගිටලා එයා අතේ තිබුන රින්ග් එක මගේ දකුනතේ වෙදැගිල්ලට දාද්දි අපි දිහා බලන් හිටි ගෙදර අයයි අනික් අයයි අත්පුඩි ගැහුවා..

"එහෙනම් පුතාලා ජනවාරි දහතුන් වෙනිදා වෙඩින් එක ගමුනෙහ්.."

අප්පගේ ෆෝන් එකේ වීඩියෝ කෝල් එක්කින් අපි දිහා බලන් හිටි හියුන්ගිගේ ඔම්මයි අප්පයි එහෙම කියද්දි මන් හියුන්ගිගේ අතේ එල්ලීගෙන ඔම්මයි අප්පයි එක්ක හිනාවුනා..

Gusse,who am I ???Where stories live. Discover now