Chapter 30

120 34 5
                                    

'අත් අල්ලා දුරක් ගෙවලා
හිත් ඉල්ලා දෙනෙත් බැඳිලා

සංසාරේ හමුවී තියේදෝ
සුරඟන පරදන රූපේ
දෛවයේ ලියවී තියේදෝ
හිමිවන බව මේ වාරේ
දෑස අස්සේ දරාගත්
හීන වැල් මා මවාගත්
පනසේ රකින්නම් දිවිතුරා

අත් අල්ලා දුරක් ගෙවලා
හිත් ඉල්ලා දෙනෙත් බැඳිලා

නාදුනනා බවින් මිදිලා
දුක් නිව්වා පෙමින් වෙලිලා'

අද මගෙයි හියුන්ගිගෙයි වෙඩින් එක.මට හැමදාමත් ඕනි කලා වගේ ලස්සන චාම් හොටෙල් එක්ක අප්පගේ අතේ එල්ලීගෙන හියුන්ගිගේ අතඅල්ලන් මන්ඩපේට නැග්ගා

ඒ නැගලා දිවුරුම් දීලා මුදුමාරු කරගෙන අපි අපේ උනාට පස්සේ හියුන්ගි හරිම ලස්සන හුරුබුහුටි මාලයක් මගේ බෙල්ලට දාලා නලලින් හාදුවකුත් තිබ්බා..

වෙඩින් කේක් එක කපලා පවුලෙ අයයි ආරාධිත අමුත්තොයි එක්ක හොදට වෙඩින් එක එන්ජෝයි කරලා හනිමූන් එකට පිටත්වෙන ටයිම් එකේදි මගේ සුදුබෝලේ දිහා,ප්‍රොෆෙසර් ජින් දිහා,පරන ක්‍රශ් එක කුකී දිහා,එයාගේ හැන්ඩ්සම් bf ආමි ඔෆිසර් දිහා වගෙම හියුන්ගිගේ හොදම යාලුවා හොබී හියුන් දිහා බැලුව මන් ඔම්මලා අප්පලා හියුන් දිහා බලලා මගේ හබීගේ දිහාට හැරුනේ මේ ඒකට වෙලාව නිසයි..

"බේබී..කැන් අයි කිස්..."

"යස් හබී..."

ලස්සන හිනාවක් එක්ක එහෙම කිව්ව මන් හබීගේ උරහිස් වලින් අත්දෙක තියාගද්දි මගේ ඉනවටේ අත යැව්ව හියුන්ගි මාව එයාගේ තුරුලටම අරන් මගේ තොල් හරිම ආදරෙන් සිපගත්තා..

මීට කලින් කවම දාවත් නොදැනුන විදිහේ හැගීම් ගොන්නකින් මාව පිරිලා යද්දි මන් හියුන්ගිගේ කෝට් කොලර් එක තදින් අල්ලගෙන හියුන්ගිගේ කිස් එකට රියැක්ට් කලා..

මිනිත්තුවක් දෙකක්..එකිනෙකාගේ තොල්වල රස බැලුව අපි අනික් අයගේ කෑකෝ ගැසීම් මැද්දේ පියන් හිටි ඇස් ඇරලා හැමෝ එක්කම ලස්සනට හිනාවුනා..

"ආදරෙයි බේබී..."

මගේ ලිප්ස් මාපටගිල්ලෙන් පිස්ස හබී හියුන් ඒම කියද්දි එයාගේ කම්මුලෙන් පුන්චි හාද්දක් තිබ්බ මන් එයාට ආපිටට ආදරෙයි කියලා ඔම්මා දීපු මල් බොකේ එක උඩින් යන්න විසික් කලා..

මන් අනික් පැත්ත හැරිලා බලද්දී ඒක කොහේටවත් වෙලා වයින් ග්ලාස් එක්ක රස බල බල හිටිය මින්ජි නූනගේ ඇගට කඩන් වැටුනේ මගේ හියුන්ගේ මූන ලස්සන හිනාවකින් හැඩ කරලා..

------------------------------------------------------------
අහ්..මන් හිතන්නේ ඊලග චැපිය කියවන්න කලින් ඔයාලට දෙපාරක් හිතන්න වේවී..

මොකද ඒකේ අරහෙම ඒවා තීන්න පුලුවන්...

Gusse,who am I ???Where stories live. Discover now