මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න. .
" උඹ ඔය එලවලු ටික සුද්ද කරල ඉවරනම් මෙහෙ දියන් කොල්ලො...... නැත්තන් ලොකු මැණිකෙ ආවොත් විසුමක් වෙන්නෑ.... ........ "
"ඇත්තටම ඇයි විමල නැන්ද කවදාවත් නැතුව වලව්වෙ මේ වගේ උත්සවයක් තියන්නෙ..... "
වලව්ව ගැන උනන්දුවක් නොතිබ්බ උනත් කවදාවත් නැතුව අද මට කුස්සියේ වැඩට උදව් වෙන්න වලව්වෙ අද රෑ තියෙන උත්සවෙත් හේතුවක් උනා......
" ඇයි උඹ දන්නැද්ද ......පුංචි හාමු කසාද බඳින්න ඉන්න නෝනෙයි ඒ පවුලෙ උදවියයි අද මෙහෙ එනවලු. ..."
.************************************
අතේ තිබ්බ කැරට් අලේ බිම වැටිල යද්දී ඇහිදල විමලනැන්ද අතේ තිබ්බ මම කුස්සියෙන් එලියට ආව ....... හේතුව තේරැම් ගන්න මටම බැරි වෙද්දී මගෙ හිතට දුකක් දැනෙන්න ගත්ත...... මහ මූසල හැගීමක්. ....... මම මොකටද දුක හිතන්නේ. ....... ....... එලියෙ තිබුන පොල් ගොඩ එකින් එක මන් අතින් ලෙලි ඇරල යද්දී තාමත් මගෙ හිතට දැනෙන මුසල හැගීම පුලුවන් තරම් මම හිතින් අමතක කරන්න හැදුව. ..... පැයගානකට පස්සේ වලව්වෙ අමුත්තො එකා දෙන්නා වැඩිවෙද්දි තාමත් වලව්වෙම උන්න මන් කුස්සියටම උනා..... ...... අද රෑ නමය දහය වෙනකන්ම ඉන්න වෙන බව දන්න නිසාම සුදු ආච්චිටයි සීයතාත්තාටයි මම රෑට කෑම ගන්න කියලා ආව එක ගැන හිතට සැනසීමක් දැනුන .......
....... දැන් වෙලාව. .... කීයද මන්ද. ....... හහ් නමයයි කාලයි........දැන්වත් ගෙදර යන්න පුළුවන් උනොත්. .... ..... අහන්නවත් ලොකු මැණිකෙවත් පේන්න නැතිකොට විමලනැන්දට මම කිට්ටු උනේ ඒ ගැන අහන්න. ......." නැන්දෙ.....තව වැඩ මොකුත් කරන්න තියෙනවද ...... "
"උඹට ගෙදර යන්න පරක්කුයි නේද දරැවෝ. ....... මෙතනනම් වැඩ මොකූත් නෑ...... අපි ඉන්නවනෙ .... දහයටත් කිට්ටු එකේ උඹ ගෙදර පලයන් කොල්ලො...... "
මම යන්න ආවත් එකම තැන නැවතුනෙ එකම එක කටහඩකට වෙද්දී මම උන් තැනම බලන් උන්න. ...... පුංචි හාමු කෑ ගහනව..... කාටද.... මොකටද...............
YOU ARE READING
The white lotus ( Complete )
Fanfictionබැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්රේමයයි.. ඉතින් ඉකිනොබිදින්න.. හදවතට සවන් යොමන්න... ඔබට ද ඇසෙනු ඇත........ ඔබේ හදවත මුමුණන එකම නාමය මාම පමණක් බව............