මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
වැතිරිල උන්න මම නැගිටල යන්න යද්දි පුංචි හාමුත් නැගිට්ට. .... ඒත් මන් ලගට එන්න නෙවේ....... එයා ගියෙ ජනේලෙ ගාවට ...... මම වහල තිබුනු ජනේලෙ කූරූ අතරින් එයත් මම වගේම එලියට අත දාන් බලන් උන්න. ....... එයාගෙ හැගීම් වලට මට උත්තරයක් දෙන්න ඕන කරා...... මමත් උඹට මහ හුගක් ආදරෙයි පුංචි හාමු මහත්තයෝ.......... ඒ වචන ටික කියාගන්න මට ඕන කරා...... යන්න කලින් එකම එක සැරයක් මම පුංචි හාමු ලගට ඇවිදන් ගිය මට ඒ මූණ බලන්න ඕන උනා. .......... දෙයියනේ. ......... කදුළු ..... ඒ ඇස් මටත් හොරාවට අඩද්දි නොදැනිම උනත් මගෙ කදුළුත් ඉස්සර වෙලා තිබුන වගේම කියා ගන්න බැරි දහසක් වචන වලට වඩා හැගීම් බර වැඩි වෙද්දී මම ඒ උණුසුම් පපුතුරෙන් මගෙ පලමු හාදුව සනිටුහන් කරා. .........
.........*************************************
නින්දත් නොනින්දත් අතර උන්නු මට ආයෙමත් වලව්ව මතක් උනා .........
...... පුංචි හාමුගෙ ඒ ආදරේ කදුලු මැද්දෙන් පිරැණු ඇස් දෙක මතක් උනා........ වලව්වෙන් මන් වැස්ස මැද්දෙම දුවගෙන ගෙදරට ආව හැටි මතක් උනා...... . ...... නින්ද නොයන තැන පැදුර උඩ ඉදගෙන බිත්තියට පිටදීපු මම ජීවිතේට නැතත් කාමරේ එලිය කරන්න උනා......... ලග තිබුන ලාම්පුවෙ ඇවිලෙන දැල්ල එලියත් එක්කම කාමරේ අදුර මකල දාද්දි තාමත් නොවහපු මගෙ ජනෙල් පියන් හුලං සද්දෙට අඩන්න ගත්ත. ....... පාලුයි....... මට ඒ උනුසුමට ගුවෙන්න පලවෙනි පාරට ලොකු ආසාවක් දැනුන ....... එකපාරටම මට මතක් උනේ ඒ පපුවට හාදුවක් තියල කලබලෙන් දුවන්න ගිය මාව අල්ල ගත්ත ඒ අත...... අනේ ඒ තුවාලෙ වේදනාවටම මගෙ අත ඒ අතට මගහැරැන වෙනකොට සිහිකල්පනාවෙන් නොවුනු මම ගෙදර දුවන් ආව එක..... ........ ආයෙ ආයෙම මගෙ හිතට මහ දුකක් ගෙනාව. .... ලාවට ලාම්පු එලිය වැටුන කටුමැටි බිත්ති කහපාට ගහල තියෙද්දි මගෙ ඇස් නැවතුනෙ එක පැලිමක් ලග....... ඒක නිකන්ම නිකන් පැලීමක් විතරක් නොවෙද්දි ගෙදර බිත්ති වල කලවයස ඉවරයි කියන්න මට තේරැනා..... අලුත් වරිච්චි බිත්ති බදින්න වෙයි....... මැටි වෙනුවෙන් ගඩොල් බිත්තියකින්......
YOU ARE READING
The white lotus ( Complete )
Fanfictionබැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේමයයි.. ඉතින් ඉකිනොබිදින්න.. හදවතට සවන් යොමන්න... ඔබට ද ඇසෙනු ඇත........ ඔබේ හදවත මුමුණන එකම නාමය මාම පමණක් බව............