මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
.....අඩියක් දෙකක්. .. මම දොර ඇරගෙන එලියට යන්න හැදුව උනත් දොර ලගින් ඇහුන කටහඩ මාව මග හිට්ටුව. ......
*****************n**********************
."මේ දොර අරිනව. .... මල්ලී .... මෝඩයා. ..... අරිනවා......"
මලීෂ අක්ක එහාපැත්තෙන් ඉදන් දොරට තට්ටු කරන ගමන් කෑ ගැහුවා. .... හැබැයි මට නෙවේ තිවාන්ට.....
"අක්ක..... මොකද මේ රෑ කෑ ගහන්නෙ. .... . .... මේකිට හොල්මනක්වත් ගහලද මන්ද.... "
මන් නිදන් උන්නයි කියල හිතන් උන්න තිවාන් ඇදේ ඉදන්ම මල්ෂ අක්කට බනින්න ගත්ත. ......
"තිවාන්. ... උඹ නිදාගෙන නෙවේද හිටියෙ.... "
"නින්ද ගියෙ නෑ බන්. ... උඹට කරදරයක් කියල හිතුන නිසා ඔහේ හිටිය. ... "
තිවාන් එහෙම කියන ගමන් ඇදෙන් බැස්ස වගේම ඇවිත් දොර ඇරිය. ...."
"මොකද අයියො අක්කෙ මේ රෑ කෑ ගහන්නෙ... තමුසෙට නින්ද යන්නෑ කියල අපි පලිද... "
" මොකක්. .... මෙන්න මෙහෙ එලියට එනව.... මහලොකු රෑලු තාම දහයටවත් නෑ..... අපි එලියෙ පොඩි වැඩක් සෙට් කරා.. එනවකො යන්න .... හැමෝම එලියෙ..... එන්න යමු අයාන් මල්ලී ... මෙන්න මෙයාට ඕන දෙයක් කරගන්න කියල
......"මල්ෂ අක්කගෙ පස්සෙන් වැටුන මම ඔහේ ඉස්සරහ මිදුලට ඇවිදන් ආව. .... එලි නිවිල ගිහින් තිබුන. ..... වත්ත වටේටම එලිය දුන්න ලයිට් නිවිල ගිහින් තිබුන වෙනකොට අදුර මැද්දෙ හරි ලස්සනට මිදුල මැද්දෙ පුංචි ගිනි මැලයක් ගහල තිබුන..... . වටේම තිබුන ලෑලි කදන් ගිනි මැලයට තනි රකිද්දී මමත් ගිහින් වාඩිඋනා. .... .. ටිකකින් එක්කෙනා දෙන්න ලැලි කදන් වලට බර දෙද්දී මෙච්චර වෙලා හිස්ව පාලුවට ගිහින් උන්න ගිලිමැලේ තනි මැකුන වගේම එයත් ඇවිදින් ලෑලි කදට බර උනා. .. මට අඩියක් දෙකක් ඈතින්. ... ........ මන් බලන් උන්න සීතල හුලගට මනදා එහෙට මෙහෙට නැලවුන ගිනිදැලි වලින් ගිනි පුරුකක් දෙකක් එලියට ඇවිදින් මල් වෙඩි වගේ පුපුරල යන්න ගියා....
YOU ARE READING
The white lotus ( Complete )
Fanfictionබැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්රේමයයි.. ඉතින් ඉකිනොබිදින්න.. හදවතට සවන් යොමන්න... ඔබට ද ඇසෙනු ඇත........ ඔබේ හදවත මුමුණන එකම නාමය මාම පමණක් බව............