මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
මම එයාගෙ දෙතොලට පුංචි හාදුවක් තිබ්බ. ....... මම එතනට තියපු පලවෙනි හාදුව ....... එයා පුදුම වෙලා .... මටත් වඩා .... ඇත්තටම එයාගෙ කටින් ඒවචන ටික එලියට එද්දී මට ඕන උනා නතර කරන්න. ...හිත පෑරෙන හැගීම් හිර කරන්න...... මේතරම් කාලෙකට සිපගැන්මකට ආරම්භයක් නොදුන්න මම අද ඒ හැගීමට පණ දුන්න වෙනකොට අඩියක් පස්සට ගිහින් උන්න මන් ආපහු හැරෙන්න ගියා උනත් එයාගෙ අත් වලට මම හිරවුනා
.........
*************************************
එයා දකුණු අත එහෙමම මගේ කෙස්රොද අතරින් ගියා වෙනකොට හිස්වෙලා තිබුන අකීකරු අනිත්අත දැනටමත් මගෙ කමිසෙ අස්සෙ නිරැවත් පිට පුරා දිව්ව. ..... එයා හරි මදුව මාව සිපගත්ත ..... . මට දැනෙනව මගෙ හදවත ඒතරම්ම වේගයෙන් ගැහෙනව...... අපේ සිපගැන්ම එන්න එන්නම ගැඹුරැවෙද්දී මෙච්චර වෙලාම වහල තිබුනු දොර තට්ටුවක් නොකරම මහ සද්දෙන් ඇරිල ගියා. ... .......ඇත්තටම මගෙ ඇගට පණ නැතිවෙලාම ගියා කීවොත් හරි ....
" අයාන්. .... "
" ලො...ලොකුඅප්පච්චි ..."
චටාස් .......
ලොකුඅප්පච්චිගෙ කම්මුල් පාර මට කලියෙන් එයාට වදිද්දී මගෙ ඇස්වල කදුළු පිරැණ. ඇරැණ දොරින් ලොකු අප්පච්චිගෙ රෑපය මතුවෙද්දී මම ඉදල ඉදල හාදුවකට ආරම්භයක් දීල තියෙන්නෙම වැරදි වෙලාවක උනා......
". මොනවද මෙතන සිද්ධ වෙන්නේ කියපන් .... උඹල දෙන්න මොනවද මේ කරන්නෙ කියපියව්.... විෂේන් උඹ ..... .. ?
මම මෙච්චර දවසකට බලාපොරොත්තු නොවුන කොටින්ම හිතලවත් නොතිබුන විදියට මම අද ලොකු අප්පච්චිව දැක්ක. .....
"ලො.... ලොකු අප්පච්චි එයාගෙ අතේ වැරැද්දක් නෑ. .. එයාට බනින්න එපා... මම.....ප්ලීස්. ....."
" .. කටවහපිය...... උඹල දෙන්නටම තේරෙන්නැද්ද මේ මොනාද උඹල කරන්නෙ කියල. ... විෂේන් උඹව විශ්වාස කෙරැව නිසයි මගෙ මල්ලී උත්තරා දුවට උඹ ගැන ප්‍රපෝසල් එකක් ගෙනාවෙ.... උඹ ඒ විශ්වාසය බිදල දැම්මා. ...."
YOU ARE READING
The white lotus ( Complete )
Fanfictionබැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේමයයි.. ඉතින් ඉකිනොබිදින්න.. හදවතට සවන් යොමන්න... ඔබට ද ඇසෙනු ඇත........ ඔබේ හදවත මුමුණන එකම නාමය මාම පමණක් බව............