*knock knock*
"Come in"
දොරට තට්ටු කරන සද්දෙට හිටපු කල්පනා ලෝකෙන් එලියට ආපු ජංකුක් පුටුවෙ හරිබරි ගැහුනා. ජංකුක් එවෙලෙ බලාපොරොත්තු වුනේ office එකේ වැඩ කරන employee කෙනෙක් වුනත් ඒ වෙලාවෙ එයාව මුණ ගැහෙන්න ආවෙ හිතුව නැති කෙනෙක්. නලලත් රැලි කරගෙන ජංකුක් එයාගෙ අමුත්තා කතා කරනකල් බලාගෙන හිටියා.අතේ තිබුණ file එක මේසේ උඩින් තියන ගමන් මොකුත් නොකියම ඒ අමුත්තා ජංකුක්ගෙ ඉස්සරහ තිබුණ පුටුවක ඉඳගත්තා. " hyung..." ජංකුක් හඬ අවදි කරේ එන පොට හොඳ නෑ වගේ තේරුණ නිසා. ඒත් කිසිම දෙයක් නොකිය " ඔය file එක බලන්න" වගේ tone එකකින් Mr. Min හිසින් සන් කලා. ජංකුක්ට තේරුණා සුගාට මේ වෙලාවේ ටිකක් තරහ ගිහින් ඉන්නෙ කියල. ඒ දේ මොකක් වුනත් ඒකට හේතුවත් මේ file එක ඇතුලෙ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කියල දැනුන නිසා, එයත් මොකුත් නොකියම file එක අතට ගත්තා. ඒ file එක ඇතුලෙ කොළ කීපයක්ම තිබුණා. මුල් පිටුව දැකපු ගමන්ම confuse වුණ ජංකුක්ට සුගාගෙ මූණ බැලුණා. ඒත් තවම සුගා නිහඬයි. ජංකුක් දිහා බලාගෙනම හරිම නිවුණ විදියට කට වහගෙන සුගා හිටියෙ හරියට එයා ජංකුක් මේ file එක බලල ඉවර වෙනකල් ඉන්නව වගේ. ඇත්තටම සුගා එහෙම හිටියෙත් ජංකුක් මේක කීයට හරි බලල ඉවර වෙනකල්ම තමයි. හැබැයි ජංකුක් අත්දැකීමෙන්ම දැනන් හිටියා සුගාගෙ දිගු නිහැඬියාව කුණාටුවක පෙර ලකුණු බව. මුල් පිටුව දැකපු ගමන්ම සුගාගෙන් අහන්න ප්රශ්න කීපයක් හිතට ආවත් මුලු file එකම කියවන්න ජංකුක් තීරණය කරා. දෙවෙනි තුන්වෙනි පිටුව විතර කියවද්දි ජංකුක්ට සුගාගෙ මේ හැසිරීමට හේතුව තේරුණා. Confuse වෙලා තිබුණු ඒ ඇස් හැඟීම් විරහිත ඡායාවකින් වැහිල ගියා. ලොකු හුස්මක් අරන් පිට කරපු ජංකුක්ට එයාටත් නොදැනීම sad chuckle එකක් පිටවුණා. ජංකුක් හිතුවා හරියටම හරි. සුගාගෙ ඔලුව ඇතුලෙ මහ කුණාටුවක් තිබුණා. ඒක සහෝදර කැක්කුම වෙනුවෙන් උපන්න වේදනාව බය මුහු වෙච්ච සිතුවිලි කුණාටුවක්.
කාලයක් තමන් විතරක් දැනන් හිටපු ඒ රහස තව දුරටත් රහසක් නොවන වග ජංකුක්ට තේරුම් ගියා. වේදනාව හංගගෙන හිනාවෙන ඇස් වලින් ජංකුක්ට සුගා දිහා බැලුනා. "Hyung..." ජංකුක්ට කියාගන්න පුලුවන් උනේ එච්චරයි. සුගා කතාකරන්න පටන් ගත්තා. මොකද එයාට ජංකුක්ගෙ හිතේ තියන දේ ඉවෙන් වගේ තේරුණ නිසා. " ජංකුක්... ඔයා මේ දේ කලින් ඉදන්ම දැනන් හිටිය නේද?" සුගා එහෙම අහද්දි අහක බලාගෙන "හ්ම්ම්" කියල ජංකුක් උත්තර දුන්නෙ මේ වෙලාවෙ එයාගෙ අයියට බොරු කියන එක තේරුමක් නෑ කියල එයා දන්න නිසයි. "කොච්චර කාලයක් වෙනවද?" කෙටියෙන් ඇහුව වුණත් සුගාගෙ ප්රශ්න වලට ජංකුක්ට දෙන්න තිබුණ උත්තර හරිම ලොකුයි. ඒත් සුගා මේ දේ ගැන ජංකුක්ගෙන් අහන්නෙ සේරම දැනගෙන කියලත් එයා දන්නවා. "දැන් ටික කාලයක් වෙනව hyung". බයාදු කටහඬකින් ජංකුක් එහෙම උත්තර දුන්නා.පිට ලෝකෙට කොච්චර දරුණු කෙනෙක් වුනත් ජංකුක් කියන්නෙ එයා ආදරේ කරන අයගෙන් එයා දෙනවටත් වඩා ආදරයක් බලාපොරොත්තු වෙන කෙනෙක්. එයාලා මේ කතාකරන සිදුවීම ජංකුක්ට වගේම Black Eagles ලටත් ගොඩක් බලපාන ප්රශ්නයක් කියල ඒ දෙන්නම දැනන් හිටියා.