05

26 6 27
                                    

__"මම ගොඩක් පරක්කුයිද?" Shin Su, car එකට නගිද්දි Jungkook ඇහුවා. "නෑ එහෙම පරක්කුවක් නෑ. හැබැයි වෙනද විනාඩි දෙකට වඩා අද වෙලා ගියානේද ඔයාට? Jungkook ගෙ ප්‍රශ්නෙට උත්තර දෙන ගමන් Shin Su එහෙම ඇහුවා. " හ්ම්ම්.. එනගමන් shop එකකට ගියා චුට්ටක් වෙලා ගියා ඒ හින්දා" ජංකුක්ගෙ ඒ උත්තරෙත් එක්ක Shin Su බැලුවෙ පිටිපස්සෙ සීට් එක දිහා. පේන්න තරම් විශේෂ බෑග් එකක් තිබ්බෙත් නෑ.  "මොනාද ගත්තෙ?" Shin Su එහෙම ඇහුවෙ ජංකුක් ලේසියෙන් shopping යන්නෙ නෑ කියල ඉර හඳ වගේ දන්න නිසා. Car එක හරවන ගමන් ජංකුක් හිනා වෙලා කිව්වා "ඒක office එකේ කියල". ජංකුක් එහෙම කිව්වම Shin Su හිතුවෙ office එකේ මොනාහරි දෙයක් වෙන්නැති කියල. "දැන් අපි මේ කොහෙද යන්නෙ?" Shin Su ගෙ ප්‍රශ්නෙට ජංකුක්ගෙන් හම්බුනෙ අමුතු උත්තරයක්. "Office එකට" ජංකුක් හිනාව තද කරන් එහෙම කිව්වා. " whatt? ජංකුක්... ඔයා මේ date එකක් කියල මාව office එක්කන් යන්න හදන්නෙ ඔයාගෙ pending works ඉවර කරන්නද???? ඇයි අනේ මං ඔයාට ගෙදරදිත් ඒවට උදවු කරනවනේ... ඒ මදිද??? මදැයි මාත් මේ date එකක් ආවා. මීට හොදයි ගෙදර ගියානං." මූණ කජු ලෙල්ලක් වගේ හදාගෙන Shin Su කියවගෙන කියවගෙන ගියා. දැන් Shin Su කට වහන්නෙ නෑ කියල ජංකුක් දන්න නිසාම එයා එකපාරටම වාහනේ break කරා. ඒ ගැස්සිල්ලට නම් කෙල්ලගෙ කට වැහුනා. හැබැයි ජංකුක් වචනයක් වත් කතා නොකර කෙල්ලගෙ මූණ දිහා බලං හිටියා. "ඒ පාර මොකද?" Shin Su තාම ඉන්නෙ නැට්ට පාගගෙන නිසා තරහක් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ tone එකකින් එහෙම ඇහුවා.

"දැන් කවුද කිව්වෙ ඔයාව එක්කන් යන්නෙ office එකේ වැඩ කරන්න කියල? මම ඔයාව එක්කන් යන්නෙ මගෙ employees ලට ඔයාව introduce කරල දෙන්න" ජංකුක්ගෙ ඒ උත්තරේට නම් Shin Su ඇත්තටම panic වුණා. Mafia boss JK විදියට තියා CEO Jeon Jungkook ගෙ gf විදියට වත් Shin Su ව ලෝකයා දැනගෙන හිටියෙ නෑ. Employees and media guess කරල තිබුණා ජංකුක් relationship එකක ඇති කියල. ඒත් ඒ කා එක්කද කියල එයාලා දැනන් හිටියෙ නෑ. ජංකුක්ට relationship එක public කරන්න කොච්චර ඕන වුණත් Shin Su ඒකට කැමති වුනේ නෑ. Shin Su හැම වෙලාවෙම කිව්වෙ එයා කිව්වෙ එයා තාම සූදානම් නෑ කියල. Jungkook කියන්නෙ no.1 business tycoon එකක්. ඉතින් එහෙම වුනාම ජංකුක් එක්ක relationship එකක් තියන එක Shin Su ට දැනුනේ ලොකු responsibility එකක් වගේ. ඒකයි එයාට relationship එක පුලුවන් තරම් කාලයක් private තියාගන්න ඕන වුනේ. Shin Su ජංකුක්ට වගේම එයාගෙ carefree life එකටත් ගොඩක් ආදරේ කරා. මොකද Shin Su ගෙ inner soul එක කැමති එයාගෙ ජීවිතේ calm , quiet and peaceful විදියට ගත කරන්න. (TMI: Her character says otherwise). ඉතින් relationship එක දැන්ම publicise කරල risk එකක් ගන්න Shin Su කැමති වුණේ නෑ.

𝐇𝐢𝐬 𝐇𝐞𝐫 Where stories live. Discover now