"හෙලෝ"
"මොකද තමුන්ට ආයෙ මාව මතක් වුණේ?"
"මං කලින කියපු දේ අමතක කරන්න!"
"තමුසෙ මේ පාර මොකාටද එන්න හදන්නෙ?"
"මට ආයෙ ඩීල් එක ඕන. පුලුවන් ඉක්මනට මම ඒක ඉවර කරන්නම්"
"තමුසෙට මොන යකෙක් වැහිලද ඒ පාර??? හිතෙන හිතෙන වෙලාවට අතාරින්නයි ආයෙ ඕන වුනාම වැඩ කරන්නයි තමුසෙ මේක මොකක් කියලද හිතන්නෙ????"
"හරි හරි sorry මේ පාර වැඩේ මග දාලා යන්නෙ නෑ. ඒ ඇරත් මේ පාර ගහන ගලෙන් මං එක කුරුල්ලෙක්ට වඩා දඩයම් කරනවා"
"මොකක්ද ඒ කතාවෙ තේරුම?"
"Ruby Rough!!!"
"තමුසෙට මේ හම්බෙන අවසාන අවස්ථාව මේක ගැස්සුනොත්... තමුන් ඉවරයි කියල හොඳට මතක තියාගන්න"
************
කාලෙකට පස්සෙ කට්ටියට අද නිවාඩු දවසක්. ඒ නිසා හැමෝම අද ගෙදර. Jin උදෙන්ම ඇහැරිලා කට්ටියටම රසට උයනවා. Shin Su ත් හරි හරියට Jin ට උදවු කරනවා. Namjoon backyard එකේ ඉදන් කාලෙක ඉදල කියවල ඉවර කරන්න ඕන වෙලා තිබුණ පොතක් කියවනවා. හෝබි ස්ට්‍රෙස් නැති වෙන්න කියල කාමරේට වෙලා සද්දෙට සිංදු දාගෙන නටනවා. Taehuyng , Jimin ඩබල Tae ගෙ කාමරේට වෙලා ගේම් ගහනවා. ගේම් ගහනවට වඩා ඒ දෙන්නා කරන්නෙ කෑ ගහන එක. Workout එකක් ඉවර කරල ආපු ජංකුක් wash එකක් දාගෙනම vmin ලගෙ ගේම් ගැහිල්ලට එකතු වුණා. මේ අතරෙ එක්කෙනෙක් කාටවත් කරදරයක් නැතිව තමන්ගං පාඩුවේ හොඳ හැටියට සැපට නිදි. නිකන් නෙවෙයි යසට ගොරව ගොරව නිදි.
එකට එකක් වෙනස් personalities, tastes, ආසාවන් තියන වෙනස් විදිහෙ මිනිස්සු අට දෙනෙක්! එකම වහලක් යට හරි ලස්සනට සතුටින් ජීවත් වෙනවා. Shin Su ට එහෙම හිතිලා එයා කර කරපු පැත්තක තියා මොහොතකට ඒ ගැන කල්පනා කරන්න ගත්තා. එහෙට ආපු දවසෙ ඉඳල අද වෙනකම්ම ගෙවුණ හැම දවසක්ම Shin Su ට ලස්සන මතකයක් වෙලා තිබුණා. අයියලා හය දෙනාගෙ පුංචි නංගි විදියට, ජංකුක්ගෙ girlfriend විදිහට, Shin Su ට හම්බ වුණ අලුත් ජීවිතේ හරි පුදුමාකාර එකක් වුණා. ඒ ජීවිතේ ඒකාකාර දවස් තිබුණෙම නැති තරම්. කෑ ගහල හිනාවෙලා සතුටින් හිටපු දවස්, අයිය කෙනෙක් එක්ක බොරුවට රණ්ඩු වෙලා කන්න මොනාහරි ගෙනත් දීලා සාමදාන වෙනකල් මූණ දෙකක් කරන් හිටපු දවස්, ජංකුක් එක්ක ගේම ඉල්ලන්න ගියපු දවස්, ට්‍රිප් ගිහින් ජොලි කරපු දවස් ඒවගේම මිෂන් වලට ගියාම හත් දෙනාම යහතින් ගෙදර එනකල් ඇඟිලි ගැන ගැන ගේ එහා කොනේ ඉදල මෙහා කොනට ඇවිද හිටපු දවස් වගේ එකී මෙකී නොකී ආකාරයේ හැම දවසක්ම Shin Su ගෙ ජීවිතේ තිබුණා. ඒව මතක් වෙද්දි ලා හිනා රැල්ලක් කෙල්ලගෙ මූණ පුරා ඇදුනා.