09

23 4 10
                                    


"ජංකුක්???" කෙල්ල එහෙම ඇහුවේ 'ඒ පාර ඔයා මේ මොකාටද එන්න හදන්නෙ ' කියන වචන ටික ගිලගෙන.

"Yoonie, මං එදා ඔයාගෙ යාලුවව මුණ ගැහෙන්න ආවේ ඔයාවෙ හිත රිද්දන්න බැරි කමට මිසක් එයාව මුණ ගැහෙන්න ඕන කමකට නෙවෙයි. ඒ වෙලාවෙ ඉදන් මට මහ අමුත්තක් දැනුනා.එයා--" ජංකුක් එයාගෙ කතාව කියන්න කලින් Shin Su මැදින් ඇඩ් දාන්න ගත්තා. "ජංකුක්, දැන් ඔයා කියන්නෙ Jung Mi නරක කෙනෙක් කියලද?" වෙන කවුරුහරි ජංකුක් කතා කරකර ඉන්න වෙලාවට එයාගෙ කතාවට බාධා කරානම් ජංකුක්ට යකා වැහෙනවා. හැබැයි මේ Yoonie. රතු කටු පනින්නම මාරාවේශයක් තිබුනත් ජංකුක් Shin Su ගාවදි ගොඩක් නිවුණ චරිතයක්. එයා ඒ තරමට එයාගෙ කෙල්ලට ආදරේ කරා. #hopelessromantic

(TMI : She fell first, He fell HARDER)

"නෑ Love, මං කියන දේ පොඩ්ඩක් සාවධානව අහන් ඉන්න. මං මොකද්ද කියන්න හදන්නෙ කියල ඔයාට තේරෙයි. මට හිතෙන දේවල් පැත්තක තියමුකෝ. ඒත් ටිකක් හිතන්න වෙන කෙනෙක්ගෙ boyfriend ව බලන්න කෙනෙක්ට මොකද්ද මේ තරම් තියන වුවමනාව. නිකමට හිතන්න ඔයා ඔහොම ඔයාගෙ වෙන යාලුවෙක්ට කිව්වොත් ,ඔයාව මුණගැහෙන්න එද්දි එයාගෙ bf ව එක්කන් එන්න කියල එයාට තරහ යනව නේද?. මං මේ කියන්නෙ මේ මං ගැන possessive වෙන්න කියල නෙවෙයි. හැබැයි මෙතන මොකක්හරි අමුත්තක් තියනව කියල ඔයාට හිතෙන්නෙ නැද්ද?"

ජංකුක් එහෙම කියද්දි ඇත්තටම Shin Su ට තේරුනා එයා කියන දේත් ඇත්තක් තියනව කියල. හැබැයි මොන ප්‍රශ්නෙ ආවත් ජංකුක්ව අතාරින්න Shin Su කීයටවත් සූදානම් නෑ. ජංකුක් හිතාගෙන ඉන්නවටත් වඩා Shin Su ජංකුක් ගැන possessive. ඒත් Jung Mi කියන්නෙ එයාගෙ ගොඩක් හොඳ යාලුවෙක් නිසා කෙල්ල මෙච්චර දෙයක් හිතුවෙ නෑ. ඒත් මේ වෙලාවෙ පරාජය බාරගන්නත් Shin Su ට ඕන වුනෙත් නෑ.

"අනේ මේ ඔයාගෙ mafia senses එක්ක මේවා කරන්න බෑ අනේ. ආයෙ Jung Mi ව මුණ ගැහෙන්න යමු කියල කියන්නෙ නෑ. හරිනේ. ඒකනේ ඔයාටත් වෙන්න ඕනේ?" ජංකුක් මොකුත් නොකිය හිනා වුණා.

"යං යං නිදාගන්න. රෑ වෙලා හොදටම" Shin Su ජංකුක්ගෙ අතින් ඇදගෙන ගේ ඇතුලට ගියා.

*****

ජංකුක්ගෙ ඒ වචන Shin Su ගෙ හිතේ නිතරම හොල්මන් කෙරුවා. ජංකුක් කියන ඒවාට mafia senses කිය කිය විහිලු කෙරුවත් ජංකුක්ගෙ වචන එහෙම ලේසියකට වරදින්නෙ නෑ කියලත් Shin Su හොඳටම දන්නවා. ටික දවසක් යනකන් Shin Su ට Jung Mi ව බලන්න යන්න හිත දුන්නෙත් නෑ. Shin Su ගෙ හිතෙත් පොඩි සැකයක් වගේම අමුත්තක් ටික ටික ඇතිවීගෙන ආවා.

ඒත් සති කීපයකට පස්සෙත් Jung Mi,  ජංකුක්ව හෙව්වා. මේ වෙනකොට සමහර දේවල් තේරිලා
තිබුණ Shin Su මේ ගැන Jung Mi ගෙන් ඇහුවා. ඒත් ඒ කතාව ඉවර වුනේ හොඳ විදියට නෙවෙයි. නොකිව්වට Jung Mi ගෙ හිතේ ජංකුක් ගැන කැමැත්තක් ඇති වෙලා තිබුනා. එයා ඒක හංගන්න කොච්චර උත්සහ කරත් Jung Mi ගෙ සමහර වැඩ වලින් ඒක ඕනවත් වඩා ඉස්මතු වෙලා පෙනුනා. ජංකුක්ට තිබුණ කැමැත්ත නිසා Shin Su - Jung Mi friendship එක ටික ටික toxic වීගෙන ඇවිත් තිබුනේ. Shin Suට ටික ටික Jung Mi ගෙ ක්‍රියා පිළිවෙල රුස්සන්නෙ නැතුව ගියා. අන්තිමට ඒ කතාව ඉවර වුනේ හොඳම යාලුවො හොඳම තරහකාරයෝ වෙලා. Shin Su ට ගොඩක් දුක හිතුනා. ඒත් Shin Su ගෙ ජීවිතේ කියන තරාදියට දාලා බලද්දි Jung Miගෙ friendship එකට වඩා ජංකුක්ට තිබුන ආදරේ හුගක් වැඩී. ඉතින් Shin Su තීරණය කරා අමාරුවෙන් හිත හදාගන්න.

𝐇𝐢𝐬 𝐇𝐞𝐫 Where stories live. Discover now