03

50 10 24
                                    

Dinner out එකෙන් පස්සෙ ගෙදර ආපු සෙට් එක සැපට නිදි. පහුවද නිවාඩු නිසාම හොඳට නිදි කට්ටිය. ජේ හෝප් ඔලුව කස කසම පහලට බහින අතරේ ලොකු අයියා "Smooth like bottoh" කිය කිය නට නටම pancakes හදනවා. ඊට ටිකකට පස්සෙ මේ මාෆියා බෝඩරේ ඉන්න මහ රැජිණ ඒ කිව්වෙ Shin Su ත් පහලට ආවා. තනියම හිටපු කාලේ දවල් දෙකටවත් මූණ හෝදන්නෙ නැති කෙල්ල Black Eagles ලා එක්ක ඉන්න පටන් ගත්ත කාලේ ඉදලම ඉන්නෙ නිකං උදය සුපිපුණු මලක් බදු වගේ සීන් එකේ. හැබැයි අද නම් මලට පිණි බාලා හිටියේ. Shin Su ගෙ "හචීඊඊඊඊස්" එකේ සද්දෙට හෝබිගේ අතේ තිබුණ coffee එකෙන් ටිකක් බිම හීරුණා. ඒ තරම් හෙමීට ඇහුණා ඒ හචිම.

කෙල්ල හෙමීට ගාට ගාට ගිහින් ෆ්රිජ් එකේ දොර ඇරියේ කූල් වතුර බෝතලයක් ගන්න හිතාගෙන. හැබැයි පඩිපෙළ දිහායින් ඇහුණ "Yaaaaaaaaahh" එකේ පවර් එක දොර වැහුණෙ විදුලි වේගෙන්. "අල්ලපු ගෙදරටත් ඇහෙන්න කිඹුහුම් ඇර ඇර තව උදේම කූල් වතුරත් බොන්න ලැජ්ජ නැද්ද Yoonie" ඒ සද්දෙ මේ රැජිණගෙ චණ්ඩි රජාගේ. පණ්ඩිතකම් කියල කියල කලින් දවසේ රෑ ice cream කාලා හෙම්බිරිස්සාව හදාගත්ත එකට ජංකුක් හිටියෙ මල පැනල. "Aiisshhhh...වතුර ටිකක් බොන්න හැදුවෙ ඉතින්. උදේ පාන්දරම ඕකට බනින්න ඕනයෑ. පොඩ්ඩක් හොඳින් කියන්න බැරිද...හචීඊඊඊඊස්... " හරී සෝක් ඔය ගියේ තව හචිමක්. මේ නහයත් මූණ මැද්දෙ පැලවෙලා තියෙන්නෙ මට බැනුම් අස්සවන්නමද කොහෙද. කෙල්ල ජංකුක්ට එක උත්තරයක් දිදී හිතින් එහෙම හිත හිතම ලොකු අයියගෙ පැත්තට මාරු වුණේ කොල්ලගෙ බැණුම් වලින් Shin Su ව බේර ගන්න පුලුවන් කමක් තියෙන්නෙ ජින්ට විතරක් නිසා.

Shin Su ගෙ මොංගල් වැඩ වලට ජංකුක් බනිද්දි ඉතුරු සෙට් එක ඒකට react කරන විදිය හරිම රසවත් කතන්දරයක්. ජින් හැමවෙලේම කෙල්ලව බේර ගන්නවා. මොකද ඉතින් ජින්ට Shin Su කියන්නෙ එයාගෙම පොඩි නංගි වගෙයි. අනිත් අයියල පස් දෙනාත් Shin Su ට නංගිට වගේ ආදරේ වුණාට, ඇක්ෂන් ෆිල්ම් යන වෙලාවට නම් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් .නම්ජූන් , හෝබි ඩබල ඔහේ බලාගෙන ඉන්නව. යුන්ගි ඒ හැම වෙලාවෙම දෙන්නටම කටවහගෙන ඉන්න කියල එතනින් නැගිටල යනවා. මොනව කිව්වත් ඒ දෙන්නටම එපා වෙනකං ඔය වලි ඉවර වෙන්නෑ කියලත් එයා හොදටම දන්නවා. අනේ අපරාදේ කියන්න බෑ ඉතුරු ජෝඩුව නම් මේ මල්ලිටම හරියන නසරාණි අයියල දෙන්නා. ඇවිලෙන ගින්නට පිදුරු, පෙට්‍රල්, භූමිතෙල් ඔය ඔක්කොම දාන රාජකාරිය ස්ව කැමැත්තෙන්ම භාර අරන් ඉන්නෙ ඒ දෙන්නා. ගිනි ඇවිලුනාට සුරුට්ටු පත්තු කරන්නෙ නෑ කිව්ව දුම්බීම පිළිකා ඇති කරන නිසා.

Shin Su කරන කියන හැම ගොන් වැඩේම ජංකුක් ඉවසාවි හැබැයි ලොකු ටෝක් දෙන්න ගිහින් විහින් ලෙඩ හදාගත්තම automatically ජංකුක්ගෙ double bunny mode එක on වෙනවා. එතකොට ඉතින් කෙල්ලගෙ මායම් 64ත් මදි කොල්ලව ෂේප් කරන්න. ජින් තත්ත්වය සාමකාමී කරන්න ඕන නිසාම කෙල්ලට Herbal tea එකක් හදල දුන්නා. අර ඩබල තාම නිදි නිසා ඇවිලෙන්න නොදී ගින්දර නිවාගන්න ජින්ට පුලුවන් වුනා.

ටික වෙලාවකට පස්සෙ ඉතුරු සෙට් එකත් wash දාලා කෑම මේසේට ආවේ breakfast ගන්න. කසු කුසු ගගා ඉදල කාලා බීලත් ඉවර වුණා.

අනිත් අය ඉතින් සෑහෙන වැඩ ගොඩක හිරවෙලා. Mission discussion, office work එහෙම ගොඩගැහිලා තිබ්බා. ඒ අතරේ කිසිම වැඩක් නැති Shin Su එලියට යන්න ලෑස්ති වෙනවා. කොච්චර වාද කරත් එයාට guard කෙනෙක් නැතුව මේ කපේට එලියට යන්න බෑ. Sunghoon ගේ ප්‍රශ්නෙන් පස්සෙ ටික කාලයක් එයාට නිවාස අඩස්සියේ එහෙමත් ඉන්න වුණා. මොනා කරන්නද ඒවා ඉතින් Shin Su විහින් දා ගත්ත ලෙඩනේ. ඒ නිසා දැන් එලියට යන හැම වතාවකම guard කෙනෙක් දෙන්නෙක් එක්ක එයාට යන්න වෙනවා. කෙල්ලට එලියට යන්න ඕන කියල ජංකුක්ට කියන්න ඕන හැම වෙලාවෙම කෙල්ල අහන්නෙ "ඒයි මේ අදවත් තනියම යන්න දෙනවද? " කියල. උත්තරේ පැහැදිලිවම දැන දැනත් අහනව. ජංකුක් කියන්නෙ එක්කො එයා එන්නම් නැත්තම් guard කෙනෙක් එක්කන් යන්න කියල. හැම වෙලේම ජංකුක්ට වද දෙන්නත් බැරි නිසා Shin Su කට වහගෙන guard කෙනෙක්ව එක්කන් යනවා.

කෙල්ල එලියට ආවේ පොඩි පොඩි cosmetic items ටිකක් ගන්න හිතාගෙන. දන්නැද්ද ඉතින් කෙල්ලොනේ. Store එක පුරාම කැරකි කැරකි එක එක බඩු තෝරන ගමන් හිටපු කෙල්ල කාගෙදෝ ඇගක හැප්පිලා විසි වෙලා ගියා. Shin Su විතරක් නෙවෙයි ඒ හැප්පුණ කෙනත් විසි වුණා.

"Shin Su???"
හුරු කටහඬක් නිසා කෙල්ල හැරිලා බැලුවා.
Mimi????

____________________________________________________________

Author's Note..

Annyong wooki kookies... කොහොමද ඔයාලට?

I 💜 U
Stay Safe
Stay Gold 💫

𝐇𝐢𝐬 𝐇𝐞𝐫 Where stories live. Discover now