Chapter 01

491 74 53
                                    


"තනිවීම ප්‍රේමයක් කිව්වට,

මිනිස්සු ප්‍රේම කලේ තනිවෙන්න නෙවෙයි.

හැම හමුවීමකම වෙන්වීමක් ලියැවිලා තියෙනවා කිව්වට,

මිනිස්සු මුණගැහුණේ වෙන්වෙන්න බලාගෙනත් නෙවෙයි.

මේක හරි අසාධාරණ ලෝකයක්,

මිනිස්සු මුණගස්සලා - වෙන් කරවන"



◼◻◼◻◼◻◼◻◼◻◼◻◼◻

◼◻◼◻◼◻◼◻◼◻◼◻◼◻



අදත් වෙනදා වගේම මොණරුන්ගේ කෑගැහිලිවලින් මුළු ඩෙගු නගරයම දෝංකාර දෙන පසුබිමක ඩෙගු නගරයේ ඈත කෙලවරක පිහිටි දුෂ්කර පුංචි ගමක් වුණ ටේජෝන්වලට මේවෙද්දි යාන්තමින් ඉර පායගෙන එන ගමනුයි තිබුණේ. ඒත්, පහුගිය දවස් කිහිපය වගේම අදත් ඒ හිරු කිරණ මුළු ගම පුරාම විහිදුණේ හරිම මළාණිකවයි. මොකද, සැප්තැම්බර් මාසය ආරම්භ වෙනවාත් එක්කම දිවා-රෑ වෙනසක් නැතුව මුළු කොරියාවටම ඇඳහැලෙන්න පටන්ගත්තු ධාරාණිපාත වර්ෂාව, ඩෙගු නගරය සිසාරා පැවැති ඒ මළාණික බවට හේතුසාධාක වුණ නිසයි.

ඊටත් වඩා තව දින කිහිපයකින් තමන්ගේ ඇස් ඉස්සරහපිටදිම සිද්ධවෙන්න නියමිත ලොකු වේදනාවකට දැන්මම ඉදන් ලෑස්තිවෙන්න යන යුන්හාගේ හිතේ හිරවෙලා තියෙන වේදනාව පිට කරන්න, එයා වෙනුවෙන් ඩෙගු අහස ඉදිරිපත් වුණ එකත් සමහරවිට මේ අඳුරුබවට හේතුවෙන්න ඇති.

"ඔයා එහෙමනම් හෙට පාන්දරම තියෙන පළවෙනි කෝච්චියෙන්ම සෝල් එන්න යුන්හා..... නැත්තම් වෙඩින් එක දවසට මේ තියෙන වැඩ ටික කරගන්න බැරුව මින්ජි හොඳටම ස්ට්‍රෙස් වෙයි...."

"ඒත් අම්මා, මින්ජිගේ වෙඩින් එකට තව මාසයක්ම තියෙනවනේ.... ඉතින් මං හෙටම ඔහෙ ඇවිත් මොනවා කරන්නද??? අනික මින්ජිගේ ස්ට්‍රෙස් නැති කරන්න, ඔයාලගේ ඔය මහ ලොකු හන් පවුලටම ඉන්නෙ මං විතරද අම්මා??? ආහ්??"

Wedding and Funeral ‖ MYG [12]Donde viven las historias. Descúbrelo ahora