උද්යාන රාක්ෂයා!
දෙවිවරුන්ගේ ශාප ලද පෞරාණික ආත්මයක් වූ ඔහු නමින් ජන්කුක්. හිසෙහි පැලඳි මිනී ඇට වලින් සැදි ඔටුන්න , දිගු කලු පැහැති ලෝගුව ඔහුට බිය ජනක බවක් අත් කර තිබුණා. දෙවියන් හට විරුද්ධ වීම හේතුවෙන් ඔහු ලද දණ්ඩනය ඔහු යමෙක් ගෙ දෑස් දෙස බැලුවොහොත් ඔහුට සිද්ධ වෙන්නෙ ගල් ගැසෙන්නට. එම නිසා ඔහු ඉදිරියට කිසිවෙක් නොපැමිණියෙන් ඔහු ගත කලෙ හුදකලා දිවියක්.
ඔහුගේ විමානය වූයේ විශාල පර්වතයක් පාමුල වූ විශාල බංගලාවක්. කිසිඳු සතෙක් හෝ ඇතුලු වීමට භිය වූ ඒ විමානය තුල පිපී තුබුනේ මිල අධික පුෂ්ප. ඔහු සිය තනිබව මකන්නට එහි මල් වැව්වා.
ඔහු එහි මෙහි සැරි සැරුවා. සෙවනැල්ලක් මෙන්. කවුරුන් හෝ ඔහුගෙ මිල අධික පුෂ්පයන් ට අත තබනවාද කියා විමසිලිමත් වෙමින්.
කවුරු හරි මේ උද්යානයේ මල් පෙත්තකට හෝ අත තිබ්බොත් ඊලග මොහොතේ ඔබට පුලුවන් ඔහුගෙ ගල් වූ පිළිම ගොඩට එකතු වන්නට.
එක් දිනක් , හිරු බැස යන සැඳෑවක , අහස රත් පැහැ වූ දිනෙක ඔහු බංගලාවෙන් පිටතට විත් ඔහුගෙ ගෙවත්ත පුරා සක්මන් කරද්දී ඔහු දුටුවේ පුංචි පිරිමි ළමයෙක්.
"මෙච්චර හයියක්"
ජන්කුක්ගේ අත් මිට මෙලවුනා. දැඩි කෝපයකින් ඔහුගෙ හිත පුපුරා යද්දී ඔහු , හොරාව ගල් කිරීමට ඉදිරියට තිබූ කකුල ඔහු පසු පසට ගත්තෙ ඔහුගෙ උද්යානයේ මල් කඩන දේව දූතයා දැක.
"සුර දූතයෙක්ද?"
ජන්කුක් තමාටම කියා ගත්තා. කැරලි ගැහුන රන් පැහැති ඔහුගෙ හිස කෙස් ගෙල දක්වා දිගු උනා. ඔහුගෙ හම උණුසුම් දුඹුරු කෝපි පාටයි. ඔහු ගේ දෙතොල් රෝස පෙති වගේ. අඩුවකට තිබුණෙ පියාපත් යුගල පමණයි.
ජන්කුක් එවන් සුන්දර අයෙකු මිනිසෙකු මීට පෙර මිහිමත දැක තිබුණෙ නැහැ.