"මේ මල්? ටේහ්‍යුන් කොහෙන්ද ඔයා මේ මල් කඩන්නෙ?"
ටේහ්‍යුන් ගෙ සුන්දර පුෂ්ප දැක්ක වෙළෙන්දා අහනකොට ටේහ්‍යුන් සිනා උනා.
"කඳු පාමුල බංගලාවේ උද්‍යානයෙන්"
"මොකක්ද? එහෙ යක්ෂයෙක් ජීවත් වෙනවා. එය යක්ෂයාගෙ අඩවියක් ටේහ්‍යුන්. මරණය අතේ දරාගෙන ඔබ එහි යන්නෙ"
වෙළෙන්දා කලබල වී කෑ ගැසුවත් ටේහ්‍යුන් කිසිවක් කීවේ නැහැ. ඔහු ඒ කතාව අසා තිබුණා වගේම ඔහු කිසිදු පක්ෂියෙකු ගෙ , කෘමියෙකුගෙ හෝ පුලුටක් එතැන නොදැනීම අසාමාන්‍ය වග ඔහු පිලි ගත්තා. නමුත් ඔහු යක්ෂයෙක් නම් දුටුවෙ නැහැ. මල් වත්ත හරහා සුලං පවා හමන්නට බිය උන නිසා මල් ගස් සෙලවුනේ වත් නැහැ. ඒ සියල්ල අසාමාන්‍යයි. ඒත් යක්ෂයෙක් ගේ නවාතැනක්? මොන බොරු කතාවක්ද?
"මට එතනදී අමුතු සැනසීමක් දැනෙනවා"
ටේහ්‍යුන් තමාටම මුමුණා ගත්තා. සාපලත් ආත්මයක නොපෙනෙනා ප්‍රේමය එහි පිපුන මල් ඔහුට කියනවා වග ඔහු දැනගෙන සිටියෙ නැහැ.
"සුරදූතයෝ... රාක්ෂයා ඔබට ආදරෙයි..."
පාට පාට ලීලි මල් ගීත ගැයුවා."සුරදූතයෝ ඔහු වෙනුවෙන් තව ගීයක් කියන්න"
රෝස පොකුරු කෙඳිරුවා.ටේහ්‍යුන්ට කිසිවක් ඇසුනේ නැතත් ඔහු එහි සැනසීම වින්දා
"එහෙ යක්ෂයො නැහැ. ඇරත් මට හොදටම අසනීපයි. ඉක්මනින් බෙහෙත් ගන්න සල්ලි ඕනෙ"
ටේහ්‍යුන් කෙඳිරුවා.