10

1.2K 220 89
                                    











නවත්තපන් ඕක !!!

නාදුනන පුද්ගලයාගෙන් ගැලවෙන්න උත්සාහ කරපු ටෙහ්යුන්ගේ දෑස් විසල් වුණා. සෙහෙන්! ටෙහ්යුන්ග්ට දෙසවන් වලට ඇහුනා තමන් මේ ලෝකේ බියම කටහඩ. මුළු ශාලාව පුරාම ඒ lycan හඩ දෝංකාර දුන්නා..

සෙහෙන්ගේ කේන්තිය පිරුණු අවුරාව නිසා උත්සවයට සහභාගී වෙලා හිටපු අනෙක් සියළුම දෙනා දනින් වැටෙන විට ටෙහ්යුන්ග් පමණක් ජන්කූක් දේස ගල් ගැසී බලා සිටියා. තමන් දෙසට වේගයෙන් ඇවිද එන ජන්කූක්ව දුටු විට ටෙහ්යුන්ගේ දෑස් බියෙන් විසල් වුණා. කාල වර්ණ දෑස් අද රන් පැහැයෙන් දිදුලමින් තිබුනා. නළල දෙපැත්තෙන් ඉප්පිලා පෙනෙන කොළ පැහැති නහර ජන්කූක් හට ගෙනාවේ බයානක බවක්..

ජන්කූක් වෙතට අවදානය දුන්නු ටෙහ්යුන්ග්ට දැනුනේ නැ නාදුනන පුද්ගලයා ඔහු අසලට ළංවුණු වග. ටෙහ්යුන්ග්ගේ තොල් අසලට ලන් වුණු ඔහු මොහොතක් යාමට පෙර ටෙහ්යුන්ග් අසලින් ඇතට විසි වී ගීයේ ටෙහ්යුන්ග්ව ද හරි සිහියට ගෙනෙන ගමන්..

කේන්තියෙන් හුස්ම ගන්න ජන්කූක්, බිම වැටි සිටින බලහත්කාරයෙන් තමන්ම ස්පර්ශ කිරීමට සුදානම් වුණු තරුණයා දෙසද ටෙහ්යුන්ග් බලා සිටියේ විසල් වූ දෑසින්. සිටි තැනටම වී ටෙහ්යුන්ග් ගල් ගැසී බලා සිටියෙ මීලගට සිදු වන්නෙ කුමක් ද යන්න ගැන ඔහුට අවබෝදයක් නොතිබුණි නිසා..

ජන්කූක් නාදුනන තරුණයා වෙත ඇවිද ගීයේ බර අඩි තියමින්. කිසිම කෙනෙක්ට ජන්කුක් හට ලන් වීමට නොහැකි වුණා. ටෙහ්යුන්ග් නොදැක්කා වුනත් ශාලාවේ සිටි සියලුම දෙනා සිටියේ දනින් වැටි අපහසුවෙන්..

සෙහෙන් කියන්නේ lycan කෙනෙක්! Lycan scent එක alpha, beta, omega කිසිම කෙනෙක්ට දරාගන්න බැරි තරම් දරුණුයි. එක් ක්ෂණිකයකින් සියළුම දෙනා තමන් ඉදිරියේ දන ගැස්සීමට තරම් බලයක් එය සතු වුණා. Lycan වරු ඉක්මනින් කේන්ති ගන්නා අය නිසා ඔවුන්ගේ කේන්තිය පාලනය කර හැක්කේ destiny mate හට පමණයි. ඒ මෙන්ම ඔවුන්ගේ ඒ දරුණු scent එකෙන් කිසිම හානියක් නොවන්නේද mate විතරයි..

සේහෙන්ගේ කේන්ති පිරුණු සැර අවුරාවෙන් ටෙහ්යුන්ග් ට ගැටලුවක් නොවුනත් අනෙක් සියලුම දෙනා කෙදිරි ගාමින් දනවැටි සිටියා. True blood alpha කෙනෙක් වුණු yoongi ඉක්මනින් ශාලවේ සිටි අනෙක් අයව පිටට රැගෙන ගීයේ තවත් ඔවුන්ට දරාගැනීමට නොහැකිව මිය යාමට තරම් සේහෙන්ගේ කේන්තිය පිරුණු අවුරාව තව තවත් වැඩි වුණු නිසා..

𝑻𝒉𝒆 𝑼𝒏𝒔𝒖𝒃𝒎𝒊𝒔𝒔𝒊𝒗𝒆 𝑳𝒚𝒄𝒂𝒏 (ꪜ𝘬) ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now