~Few Days Laterහදිස්සියේ, නොගැළපෙන වෙලාවක, අවසරයකින් තොරව PARK COMPANY එකේ ප්රදාන දොර ඇරගෙන එන හැඩකාර යුවතියක් දිහා කම්පැනි එකේ වැඩ කරන මිනිස්සු බලන් හිටියේ ඇසුත් කටේ දාගෙන...
කලු පාට පොඩි tight skirt එකට සුදු පාට blouse එකක් ඇඳලා, කලු පාට හීල්ස් දෙකක් දාගෙන සන්ග්ලාස් එකකුත් දාගෙන හිටපු මේ ගැහැනිය, සත්තයි! හිටපු පොඩි පොඩි කොල්ලො සේරම දෙපාරක් හැරිලා බලන තරමට රූමත්...
මුලු කම්පැනි එකේම ඒ ඩීසන්ට් ගැහැනිය ගෙ හීල්ස් වල 'ටොක්' 'ටොක්' සද්දෙ විතරක් ඇහෙනකොට , කම්පැනි එකේ CEO ගෙ ඔෆිස් එක පැත්තට ගියපු ඇය, කිසිම පැකිලීමකින් තොරව අවසරයක්වත් නැතුව CEO ගේ office එකේ දොර ඇරගෙන ඇතුළට ගියා...
" අහ්?"
එකපාරම දොරත් ඇරගෙන තමන්ගෙ ඔෆිස් රූම් එකේ දොර ඇරගෙන ඇතුළට ආපු කෙනා කවුද බලන්න මිස්ට. පාක් ජිමින් හදිස්සි උනා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
." ජී....යු ....නා... ඔයා? "
තමන්ගෙ ඉස්සරහා ඉන්නෙ තමන්ගෙම වයිෆ් කියලා දැක්ක ජිමින් ගැස්සිලා ගියා... සරලව කිව්වොත් ජිමින් ෆුල් කන්ෆියුස් උන්ගා බුන්ගා උනා ඒ වෙලාවේ... මොකද ජිමින් උදේ ගෙදරින් එනකොටවත් ජීයුන් අද ජිමින්ගෙ කම්පැනි එකට එනවා කියලා පොඩි ඉඟියක් වත් දීලා තිබ්බෙ නැති නිසා...
" ඉතින්... මිස්ට. පාක්...."
" ජීයුන්... ඔයා මොකටද මෙහෙට ආවෙ ආ? "
ජිමින් ඉඳන් හිටපු තැනිනුත් නැගිටලා ජීයුන් ගාවට ගියේ 'මොකක්ද මේ නාඩගම' සීන් එකෙන්...
" ඇයි ජිමින්.. මගෙ හබීගේ කම්පැනි එකට මට එන්න බැරිද? "
" ඇයි දැන් හදිස්සියෙ මෙහෙ එන්න හිතුනේ..."
ජිමින් මූණත් බෙරි කරගෙන ජීයුන්ගෙන් එහෙම ඇහැව්වේ ඔෆිස් එක වටේම ඇස් කරකව කරකව ඉන්න ජීයුන්ගේ නිකටෙන් අල්ලලා තමන්ගෙ දිහාට ජියුන්ගෙ මූණ හරවගන්න ගමන්...
" හදිස්සියක් නෑ ජිමින් ඔප්පා... මට කම්මැලි හිතුනා ගෙදර ඉන්න... ඉතින් මන් ආවා..."
YOU ARE READING
SPRING AGAIN || PJM || ✔
Fanfiction" ඔව් ජිමින්. මේක තමයි දිග ශීත සෘතුවකට පස්සෙ ආපු වසන්ත කාලේ.. පේනවද මේ වසන්තෙ පිපුණු ලස්සන මල...." ♡After The Cold Winter, Spring Comes Again And Flowers Will Bloom Beautifully♡ _SPRING AGAIN_ 💛🍃💫 (I Need You Season 2)