Chapter 8

24 3 0
                                    


" ජීයුන් මොකද මේ ? "

උදේ නැගිටපු ජිමින් තමන් ළඟින් ජීයුන් නිදාගෙන ඇති කියලා බලාපොරොත්තු උනත් ජීයුන් හිටියෙ නෑ... ජිමින්, පහළට ගියේ ජීයුන්ව හොයාගෙන... ජිමින්ට ඕනෙ උනා එයා අලුතින් ජීවිතේ පටන් ගන්න හදන්නෙ කියලා ජීයුන්ට කියන්න...

" ජීයුන්... මොකද මේ ? "

කාමරේට වෙලා අල්මාරියත් ඇරගෙන ඇඳුම් වගයක් ඇඳට විසිකරන ජීයුන්ගෙන් ජිමින් ඇහුවා..

" ගුඩ් මෝනිම් ජිමින්... මන් හිතුවෙ ඔයා දැන්මම නැගිටින්නෑ කියලා...."

ජිමින්ට ලස්සන හිනාවකින් සංග්‍රහ කරලා ජීයුන් කිව්වෙ අල්මාරිය වහලා ඇඳේ තිබ්බ ඇඳුම් නවන ගමන්...

" මොනාද කරන්නෙ ? "

" අනී ඔප්පා... ඔම්මට සනීප නෑ ලු... මට ටික දවසකට ගෙදර යන්න වෙනවා....."

" මෝ ? ඔයාගෙ ගෙදර ?.."

" අනේ මියානෙ ඔප්පා... මට ඔම්මව තනි කරන්න බෑ නේ... එයාගෙ වැඩ ටික කරලා දෙන්න කෙනෙක් ඉන්න එපැයි.....

ඔයාට කොහොමද දැන් ඔප්පා..."

ජීයුන්, ජිමින් ළඟට ඇවිත් ජිමින්ගෙ නලලට අතක් තිබ්බා...

" දැන් අමාරුවක් නෑ... ඔයා කවද්ද යන්නෙ ..."

" දැන් ...."

" මොකක් ? "

" ඔප්පා... මන් තව ටික්කින් යනවා... අනේ මියන්හෙ ඔප්පා... බය වෙන්න එපා ඔයාට කෑම........."

" මන් හදාගන්නම්..."

" ඔයාට බෑ නෙ ජිමින්... මන් කෙනෙක්ට එන්න කිව්වා .එයා හදලා දෙයි මේ ටික දවසට...."

" එපා... මට පුලුවන්..."

" ඇත්තටමද ? "

මුකුත් නොකියා අත් දෙක බැඳගත්ත ජිමින් බිත්තියට හේත්තු වෙලා ජීයුන් දිහා බලාගෙන හිටියා...

" මන් ඔයාව දාලා එන්නම්...."

" ඔයා ? ජි...මින්...."

" ඇයි ? "

ජීයුන්, ජිමින් දිහා ටික වෙලාවක් බලන් ඉඳලා ජිමින් ළඟට ඇවිත් ජිමින්ගෙ කම්මුලෙන් අතක් තිබ්බේ ලස්සනට හිනා වෙන ගමන්...

SPRING AGAIN || PJM || ✔Tahanan ng mga kuwento. Tumuklas ngayon