Chapter 2

32 5 0
                                    


වොශ් එකක් දාගෙන පහළට ආව ජිමින් කෑම කාලා TV එක ඉස්සරහින් ඉඳගත්තේ රිමෝට් එකෙන් චැනල් එක මාරු කරන ගමන්... ජීයුන් Tv බල බලා හිටියෙ කියලා ජිමින් ගණනකට ගත්තෙ නෑ...

" ජිමින්... මන් ඒක බල බලා හිටියේ...."

" ඉතින්...."

ජිමින් ජීයුන් දිහා වත් නොබලා කකුල් දෙක පුටුව උඩට ගත්තා..

" ඉතින් කියන්නේ ඔයා චැනල් එක මාරු කරේ...."

"මගේ ගෙදර මගේ ටීවි එක... ඉතින් මට බැරිද නිදහසේ ටීවි එකවත් බලන්න ආ?....."

ජිමින් තරහෙන් එහෙම කියනකොට ජීයුන් හැමදාම වගේ හුස්මක් පාත දාලා කට වහගත්තා...

ටික වෙලාවක් ජිමින් බල බලා හිටපු ෆිල්ම් එක දිහා ඔහේ බලන් ඉඳලා ජීයුන් තමන්ට ටිකක් ඈතින් ඉඳගෙන හිටපු ජිමින් ළඟට ළං උනා...

" ජිමින්....."

ජීයුන් හෙමින් ජිමින්ට කතා කරනකොට ජිමින් ඇහුනේ නෑ වගේ හිටියා.

" ජිමින්...."

" මොකද ?"

" ජිමින් අපි ටිකක් එලියට යමුද ?"

" ඒ මොකටද ? "

" ජිමින් අද අපේ ඇනිවසරි එකනෙ...."

" ඉතින්.."

" ඔයාට කිසිම ගානක් නෑ ඒ ගැන...."

" නෑ තමයි... මේක මගේ කැමැත්තෙන් උනු මැරේජ් එකක් නෙමේ කියලා ඔයා හොඳටම දන්නවනෙ... තමුසෙට කොහෙ හරි යන්න ඕනෙ නම් යනවා.. අල්ලන් හිටියෙ නෑනෙ... "

" ඒ උනාට නීතියට හරි මන් ඔයාගේ වයිෆ්... වෙන මුකුත් ඕන් නෑ අඩුම තරමෙ අවුරුද්දකට එක පාරක් වත් ඔයාට බැරිද ජිමින් මාත් එක්ක පොඩ්ඩක් එලියට යන්න.. "

" බෑ...."

ජිමින් හිතක් පපුවක් නැති ගානට එහෙම කියද්දි ජීයුන් ආයෙත් නිහඬ උනේ ජිමින්ට කියලා වැඩක් නැති නිසා...

ඒ වෙලාවෙවත් ජිමින් ජීයුන් දිහා බැලුවනම්
ජීයුන්ගෙ ඇස් වල හැංගිලා තිබ්බ ඒ වේදනාව ජිමින් දකින්න තිබ්බා !

ජීයුන් පුටුවේ පිටිපස්සට හේත්තු වෙලා ටීවී එක දිහා බලාගෙන හිටියා.
එතනම ජීයුන්ට නින්ද ගිහින් ජිමින්ගෙ උරහිසට කඩා වැටෙනකන්ම ජිමින් හිටියෙ මේ ලෝකෙ සිහියකින් නෙමේ...
ටීවි එකේ රූප වල ඇස් තිබුණට ජිමින් හිටියෙ වෙනම ලෝකෙක...

SPRING AGAIN || PJM || ✔Onde histórias criam vida. Descubra agora