15 - කොටස

1.3K 197 53
                                    

( රාජ සභාව )

මුත්තනුවන්ගේ අභාවයෙන් සත් දිනකට පසුයි රාජ සභාව මා පවත්වන්නට තීරණය කරනු ලැබුවේ.. කිමද රාජ්‍යයේ සියලුම දේ පිළිබද අප කතා බහ කරන්නේ එක් දිනක පමනයි..

රජ කීය අමාත්‍ය ගොල්ලො සහ උප ලේකම් වරුන්ද රාජ සභාවට රැස්ව තියෙද්දි.. මාද රාජ සභාවට පැමිනියේ අයියණ්ඩියන් දෙදෙනා සමගයි.. කිමද ඔවුන් දෙදෙනායි මාගෙ දකුනත සහ වමත..

"" අධිරජුන් සැපත් වන වගායි...""

‍රාජ සභාවෙම තිබූ ඝෝශාව නිහඬ වෙද්දි.. මම රාජකීය ආසනයේ හිද ගනිමින් අමාත්‍ය ගොල්ලො දෙසට මාගේ දෑස් යොමු කරේය..

"" නුබලාට කුමක් ගැනද පවසන්නට තියෙන්නෙ මට..""

දින ගනනක් තිස්සෙ අමාත්‍ය ගොල්ලො සැලසුම් කිහිපයක් පවත්වන වග මට දැන ගන්නට ලැබුනත් මා ඒ ගැන සොයන්නට ගියෙ නැත.. නමුත් මට දැන ගන්නට ඕන උනා කුමක්ද මොවුන් මට පවසන්නට යන කාරනාව කියල..

"" අධිරජුනි අප අමාත්‍ය මණ්ඩලයේම එක ඉල්ලීමක් තිබෙනවා ඔබ තුමාගෙන් ඉල්ලීමට..""

"" කුමක්ද පවසන්න..""

"" යීශි බිසවුන් වහන්සේ දැන් සිටින්නේ රෝගාතුරවයි.. ඉතින් ඔබතුමා දන්නවා අධිරජුන්ගේ අන්තප්පුරයේ රෝගාතුරව බිසවක් සිටියොත් මාලිගයෙන් පිටුවහල් කරන වග.. ""

"" නුබලා දැන් කුමක්ද පවසන්නට සූදානම් වෙන්නේ..""

"" අධිරජුනි කරුණාකර යීශි බිසව මාලිගයෙන් පිටුවහල් කරන්න..""

අමාත්‍ය මා ඉදිරියේ දණ නමාගෙන එසේ පවසද්දි.. මාගේ අත කෝපයෙන් තද උනේය..

"" නුබලා කෙසේද මට බලපෑම්  කරන්නේ.. අමාත්‍ය නුබට අවශ්‍ය දිවි තොර කර ගැනීමටද...""

අමාත්‍ය මා දෙස බියෙන් බැලුවත්..ඔවුන්ගේ වචන වල නම් කිසි වෙනසක් තිබුනේ නැත දැනටත්..

"" අධිරජුනි අපගේ ඉල්ලීම ඉටු කරන්න.. අපගේ වදන් වලට ඇහුන් කන් දෙන්න අධිරජුනි ...""

"" නිහඬ වෙනු.........""

රාජ සභාවෙම සිටිය අමාත්‍ය ගොල්ලො මා ඉදිරියේ දණ නමා පැවැසුවේ යිශීව මාලිගයෙන් පිටුවහල් කරන ලෙසයි.. නමුත් මා කෙසේද එසේ කරන්නේ..

WERE WOLF HUSBAND (Wangxian Omegaverse)Completed Where stories live. Discover now