උදෑසන සිටම මා මෙන්ම පාලිකාවද සිටියේ අද දින චින්ශූ පන්සලට යෑමට අවශ්‍ය කරන බඩු භාණ්ඩ සූදානම් කරන අතර..මාගෙ උනන්දුව දෙස පාලිකාවද විටින් විට බැලුවද.. මා ඒ ගැන තැකීමක් නොකර සිටියේය
"" වෙයි යින්ග්..""
"" ලන්..අධිරජුනි..""
කුටියේ ද්වාරය අසල සිට මා දෙස බලා සිටි වැංජිව දුටු සැනින් මා ඔහුට ලන්චාන් ලෙස අමතන්න ගොස් ගිල ගත්තේ පාලිකාව අසල සිටි නිසා.. කිමද ඒ නාමය අප දෙදෙනා සිටින තැන පමනයි අමතන්නේ..
"" සූදානම් වී අවසන්ද..""
"" එසේය අධිරජුනි.. දැන් තිබෙන්නෙ ගමන පිටත් වීම පමනයි..""
මද සිනහවක් පා එලෙසින් පවසාගෙන මා ඔහු අසලට පැමිනියා..
"" මේ සියල්ලම රැගෙන යන්නද සූදානම් වන්නේ.. ඔබ හදන්නේ සදහටම පන්සලේ සිටින්නද..""
තරමක් නොරිස්සුම් ස්වභාවකින් වැංජි ඇසු පැනය නිසා.. මාගේ සිනහව පාලනයෙන් ගිලිහී ගියා..
"" ඔබ සරදම් කරනවද අධිරජුනි.. මේ බඩු භාණ්ඩත් මදි මා වැනි පුද්ගලයෙක්ට.. හරි නම් මේ කුටියේ තියන සියලුම දෑ රැගෙන යෑ යුතුයි..""
"" ඒ සමගම මාවත් රැගෙන යන්න..""
ඇසක් ඉගි කරමින් ඔහු පැවසූ දෙයින්.. මාගේ මුහුණම ලැජ්ජාවෙන් රත් පැහැ ගැන්වූවා..
"" දැන් පිටත් වෙන්නත් ඕනනෙ..මේ ගමනෙන් පසුව ඔබව මා අල්ලාගන්නම්..""
මාගේ කොපුලක් සිඹිමින් ඔහු එසේ පවසද්දී.. කුටිය තුල සිටි මාගේ පාලිකාව බිම බලාගෙන සිනහසෙන අයුරු අප දෙදෙනාගේම නෙත ගැටුනා..
මාගේ භඩු භාණ්ඩ රාජකීය සෙබලුන් විසින් රැගෙන යද්දී.. මාද වැංජි සමග පිටත් උනේ මාලිගයේ ප්‍රධාන ද්වාරය අසලට..
කන්සො අසු පිටට මාව වැංජි ඔසවා අසු පිටට නැග ගැනීමට උදව් කරේය.. මද සිනහවක් මම ඔහුට පාද්දි.. ඔහු මට රවන්නට ගත්තේය..
"" කිමද ලන්චාන් ඔබ මා සමග අමනාපයෙන්..""
"" මටත් ඔබ සමග ඒමට ඉඩ දෙන්නේ නැත්තේ කිමද වෙයි යින්ග්.. එයයි මට තියෙන ගැටලුව..""
VOUS LISEZ
WERE WOLF HUSBAND (Wangxian Omegaverse)Completed
Fanfictionදුර ඈත අහසේ දිලෙන නුඹ... මගේ නොවනා මගේ වූ සද... නිල් අහස හිමි සදට පමණද... මිහිකතට සද එළිය අහිමි ද...🌙