මා නොසිතූ ලෙස ආහාර වලට විශ කවලම් කර ඇති බව වැටහුනේ.. ආහාර ගත් සැනින් මට වෙනසක් දැනෙන්නට ගත් නිසාය.. කුසේ සිට උගුර දක්වා දැනුන ලෝදිය මෙන් මාගේ මුවින් රුදිරය පිට වෙද්දී.. මා දැක්කේ වැංජිගේ බයෙන් පිරුනු රුව..
කිසි කෙනෙකුට බිය ගන්වන්නට බැරි වැංජි.. මාගේ රුදිරය දැක බිය වී කදුළු හලන්නද ගත්තේය.. මා මිය ගියා නම් කිසි යම් හෝ අයුරකින් ඔහු කෙසේ හැසිරේවිද යන වග අද මට හොදින් වැටහුනි..
ඔහු දෙස බලා සිටියදීම මාගෙ දෑස් අදුරු වී ගියේය..වේදනාවක් ශරීරයෙන් දැනුනා මා හට සිහියක් නැතුව තිබුනත්.. අහසේ පාවෙන හැගීමක් මාගෙ සිතට දැනුනි දෑස් පිය වී ඇති කාලය පුරාවට..
සවන් අසලින් ඇසෙන ජලය වක්කරන හඬට ඇහුන් කන් දීගෙන මා කෙමෙන් කෙමෙන් දෑස් විවර කලේය..අසල සිටි පාලිකාව දෙස මා බැලූ සැනින් ඇය කෑ ගසන්නට වූයේ මාද බිය ගන්වමින්..
"" අධිරැජිනියට පියවිසිහිය පැමිනිලා..""
"" ආහ් සත්‍යක්ද..""
එසැනිම කුටිය තුලට පාලක පැමිනියේ කඩි මුඩියේ මා දෙස බලාගෙන.
"" අධිරැජිනියනි ඔබතුමන්ට දැන් කෙසේද..""
"" සු..වයක්..දැනෙ..නවා..""
"" මා අධිරජුන් කැදවාගෙන පැමිනෙන්නම්..""
මලානික වූ දෑසින් ඔහු දෙස බලා මා හිස සොලවද්දී.. පාලක දිව ගියේ කුටියෙන් පිටතට මාගෙ ස්වාමියා රැගෙන එන්න..
හිස කරකැවිල්ලක් දැනුනත්.. මා දෑස් විවර කර සිටියේ වැංජිව දැකීමට ඇති වූ ආසාව නිසා..
"" ජල බිදක් පානය කරන්න අධිරැජිනියනි..""
මා අසල සිටි පාලිකාව ජල බදුනක් මා දෙසට ලන් කර පවසද්දී.. මා හටද අවශ්‍ය වී තිබුනේ ජලයයි.. කිමද දෙතොල් වියලී ගොස් මුවක් නැති බව හැගුන නිසා..
තරමක් ඉස්සී මා ජල බදුන මුවට ලන් කර ගන්නට සැරසෙද්දීම..
"" වෙයි යින්ග්..""
ඒ හඬ.. හ්ම් මාගේ වැංජි.. මා දෑස් දල්වාගෙන ද්වාරය අසල සිටගෙන සිටි ඔහු දෙස බැලුවේය.. ඔහුත් සමග වෙදදුරුද පැමිනියේ මාව පිරික්සා බැලීමට වග මට වැටහුනි..
YOU ARE READING
WERE WOLF HUSBAND (Wangxian Omegaverse)Completed
Fanfictionදුර ඈත අහසේ දිලෙන නුඹ... මගේ නොවනා මගේ වූ සද... නිල් අහස හිමි සදට පමණද... මිහිකතට සද එළිය අහිමි ද...🌙