25 - කොටස

1.1K 189 55
                                    

( මින්ග් රාජධානිය )

චාඕ තණ පිස්ස මත එහාටත් මෙහාටත් ඇවිදිමින් දැන් බොහෝ වෙලාවක සිට කල්පනා කරන්නට විය.. ඒ සමගම මාලිගය අවට සෙබලුන් ලවා පිරික්සූ ඔන් ජොන් ද චාඕ අසලට පැමිණියේ යම් පණිවිඩයක් ලබා දීමටයි..

"" නායකතුමනි..""

"' ඔහු සිටියාද..?""

"" නැත..""

වෙයි යින්ග්ව සොයා ගැනීමට අසමත් වූ ඔන් ජොන් බිම බලාගෙන සිටියේ චාඕ හට මුහුණ දීමට හයියක් නොතිබ්බ නිසාය..

"" එසේ නම් දැන්ම පිටත් වෙමු.. ඔහු කොහේ සිටියත් කුමන තත්වයක සිටියත් මට ඕන කරන්නේ ඔහුවම පමනයි..""

"" නමුත් නායකතුමනි ඔබතුමා පවසන්නේ යුධ වදින ලෙසද ෆීලෙන් රාජ්‍යය සමග..""

චාඕගෙ බලාපොරොත්තු සහගත වදන් බිද දමමින් ඔන් ජොන් පැවසුවේ ‍යමක් ඔහු දන්නා නිසාය.

"" කුමක්ද ඔබ එයින් අදහස් කරන්නේ..""

"" අධිරජු වැංජිට සිහිය පැනිණිලා.. ඔහු දැනටමත් වියරුවෙන් මෙන් මෙහි පැමිණෙමින් ඇත්තේ නායකතුමනි..""

ඔන් ජොන් දුර සිතා බලා චාඕට පවසද්දී.. චාඕ මද වේලාවක් කල්පනා කරන්නට වියා..

"" වැංජිට මා සමග තුවාල වී සිටියදී ගැටෙන්නට නොහැකී.. මා කෙසේ හෝ වෙයිව මා ලගට ගෙන ඔහුගේ කුස තුල වැඩෙන වැංජිගේ දරුවාද වැංජි අද යන දිහාටම යවනවා..ඉන් පසු වෙයි සමග මට සතුටින් දිවි ගෙවිය හැකි වේවි""

ස්තීරවම චාඕ අවසාන වදන් පෙල පවසද්දී.. ඔන් ජොන් නිහඬව බිම බලා සිටියේය.. සුපුරුදු ලෙස අදත් චාඕ ලග බලා වැඩ කරන අයුරු දුටුවාම.. ඔන් ජොන්ට දුකක් දැනුනේ මාලිගය පිළිබද සහ ජනතාව ගැනයි.

*
*
*
*
*
*

( ෆීලෙන් රාජධානිය )

වැංජි සේනාවල් කීපයක් සමගම මාලිගයෙන් පිටත් වෙලා තිබුනෙ සිචෙන් අයියණ්ඩිය ඇතුලු පාලකත් සමගමයි..

වැංජිගෙ මේ භයානක ගමන නැවැත්වීමට සිචෙන් සහ යීශි උත්සහ දැරුවද එය පලක් වූයේ නැත්තේ.. වැංජිගෙ සිතේ වෙයි යින්ග්ට ඇති ප්‍රේමය නිසාමයි..

WERE WOLF HUSBAND (Wangxian Omegaverse)Completed Où les histoires vivent. Découvrez maintenant