මා ඔහුගෙන් බේරී මාගේ මාලිගය වෙත ආවේ කලකිරීමෙන්.. මා ඔහුව විවාහ කරගෙනයි සිටින්නේ...නමුත් ඔහු මා පිටස්තර පුද්ගලයෙක්ගේ තැනට දමා.. මා හට බලහත් කාරකම් කරන්නට සූදානම් උනේ අද..
ඔහුට ඕන මාව ප්‍රයෝජනයට ගෙන මාගෙන් දරුවෙක් ලබාගන්න.. ඉන් පසු ඔහු මා අත් හැර දමාවී.. එය තමයි ඔහු සිදු කිරීමට සාදන්නෙ.. නමුත් නෑ මා එයට ඉඩ දෙන්නෙ.. වැංජි ඔබට කිසිදාක පුත් කුමරෙක් ලබා දෙන්නේ නැත..
"" අධිරැජිනියනි..""
"" පැමිනෙන්න..""
"" ඔබතුමන්ට සන්දේශයක් එවා තිබෙනවා..""
මාගේ දෑතටම ඇය සන්දේශය ලබාදී කුටියෙන් පිටතට යද්දි.. මා සන්දේශය කියවා බලන්න ගත්තෙ ඉන් පසුවයි..
"" වෙයි ඔබ අද රාත්‍රියේ මාලිගයෙන් පිටතට පැමිනෙන්න.. මා ජින් සමග කදුකරයේ සිට බලා සිටින්නම්..""
සන්දේශය එවා තිබෙන්නේ මාගේ මිතුරො දෙදෙනා.. විවාහ වී මා මෙම මාලිගයට ආව දා පටන්...ඔවුන්ව මුණ ගැසීමට නොහැකි වී ගියා..
මා හට ඔවුන් දෙපල සිහි වෙනවා සේම ඔවුන් දෙදෙනාටද මාව සිහි වනවා ඇති.. කුඩා කාලයේ සිට මා සමග සිටි සහෝදරයින් දෙදෙනා.. ඔවුන් දෙදෙනා සමග ගෙවූ කාලය සිහි නැගෙද්දි...දෑස් වලට කදුළු උනන්නේ නොදැනිමයි..
මා හට සහෝදරයෙක් නැති වූවත් ඔවුන් දෙදෙනා මාගෙ අයියණ්ඩිය වූවා සැමවිටම.. මා හට කරදරයක් ඇති වුවත් ඔවුන් දෙදෙනා මා බලා ගත්තෙ කුඩා දරුවෙක් සේය.. ඒ සෙනෙහස අද මා හට සිහි නැගෙනවා.. ඔවුන් දෙදෙනා නැතිව තනිකමක් මාගේ සිතට දැනෙනවා නිතර..
මාලිගයේ මේ තරම් පිරිසක් හිටියත්.. මා අධිරාජ්‍යයේම අධිරැජිනිය වූවත් පලක් තිබේද.. මා හට සෙනෙහසක් දක්වන්න එක් පුද්ගලයෙක්වත් නැති නම්.. කොයි තරම් බලය තිබ්බත් පලක් තිබේද මා කිසි වෙකුත් ගනන් නොගන්නේ නම්.. මා වටා තිබෙන සෑම දේම මායාවක් පමනයි.. එය තමයි මා වටහාගත් දේ වන්නේ..
_______________________________________
"" අධිරජුනි ඔබ තුමන්ව කැදවලා කිරන් උතුමානන්..""
ලිපි ලියමින් සිටි මාගේ අවදානය යොමු වූයේ පාලකගේ වදන් දෙසට..
ESTÁS LEYENDO
WERE WOLF HUSBAND (Wangxian Omegaverse)Completed
Fanficදුර ඈත අහසේ දිලෙන නුඹ... මගේ නොවනා මගේ වූ සද... නිල් අහස හිමි සදට පමණද... මිහිකතට සද එළිය අහිමි ද...🌙