Jungkook pov
"ඕකේහ්... අපි තව එක කෝප්පයක් බොමු.."
යුංගි එහෙම කියලා තරබාරුමේ වැඩකරන කෙනෙක්ට තව තඩි බෝතල් දෙකක් ගෙන්න කිව්ව... යුංගි එක්ක බොන්න ආව අය ඔක්කොම දහයක් හිටියා ඒකෙන් මම තාම මුලින්ම ගත්ත කෝප්පය තියාගෙන ඉන්නේ.. ටේ හයුන්ග් කෝප්ප හතක් බිව්වා එත් තාම හොඳ සිහියෙන් ඉන්නවා අනික් අයගෙන් ටික දෙනෙක් කලින්ම බීල යන්න ගිය දැන් යුංගියි තව තුන් දෙනෙක් විතරක් බොන එක නවත්තලා නැ.. එකෙනුත් යුංගි කෝප්ප තිහකට වැඩිය දැන් බිව්වා.. දැන් නැවැත්තුවේ නැත්තන් මෙයා මැරිලා යයි"යුංගි දැන් ඇති යං අපි"
මම නවත්තන්න කියලා කියන්න කට අරිද්දීම ටේ හයුන්ග් ඉස්සර වෙලා කිව්වා.. කව්රු කිව්වත් මොකද දැන් මෙයා බොන එකයි නවත්තන්න ඕනි
"නැ ටේ තව සුට්ටක් පුළුවන් මේ බලන්න මට තාම කෙලින් ඉන්න පුළුවන් 😄"
කිව්වට මොකද කෙලින් ඉන්න නං බැ මොන උනත් හරිම හුරුබුහුටි විදියට බීවාම මෙයා හැසිරෙන්නේ
"තමුසෙට ආය කියන්නැ මං නැගිටලා වරෙන් යන්න දැන්ම"
"අම්මෝ මගේ සත්තරන් ටේ බබාට කේන්ති ගිහින් ☹️ හරේ ඔයා කියන නිසා එන්නම් හම් හැබයි මාත් එක්ක ඇවිදින්න යන්න එන්න ඕනෙ දවසක.."
"... හරි යං දැන්..."
"හුම්.."
කියලා නැගිටින්න යද්දී යුංගි මගේ ඇඟ උඩ... පොඩ්ඩක් ඉන්න නින්ද ගිහිල්ලා ද ... ඔව් නින්ද ගිහිල්ලා... ආයෙත් පාරක් මාව ඇඳක් වගේ පේනවද... මොන උනත් මට ලෙඩක් ද කොහෙද එක පාරම මගේ හදවතේ ගැස්ම වැඩි උනා.. හොසෝක් හයුන්ග් ව හම්බෙන්න ඕනි පස්සේ
" ආහ් මූ නිදිද.. හරි එයාව උස්සන් එනවා එක්කන් ආපු එකේ වැඩක් තියෙන්නත් එපැයි.."
".. ආහ් මොක්-.. හරි හයුන්ග්..."
එළියට අවට පස්සේ හොඳට ම රෑ වෙලා කියලා පෙනුනේ.. මට යුංගි ව එක්ක එන්න කියලා ටේ හයුන්ග් හොයන්න වත් නැ
"ජංකුකා...අමග්.. ඕම්ග්.."
"මොකක්ද මට තෙරුන්-"
මොකක්ද කියන්න ගියේ කියලා මට තේරුම් ගන්න මහන්සි වෙන්න උනේ නැහැ මගේ ඔලුවට රස්නයක් වගේ එකක් එක පාර දැනිලා ඒක බෙල්ල දිගේ පහළට දැනෙන්න ගත්තා...
YOU ARE READING
yoonkook soulmates
Romanceආත්ම ගානක් එකට එකතු වීමට බලා සිටින අහිංසක හදවත් දෙකක් Ranking 2 in #srilanka (2022/08/27)