Back in the park (third person pov)
ඉක්මනින් මතක් කරගන්න....හැමදේම වෙනස් විදිහටයි වෙන්නෙ.."
නාදුනන මනුස්සයගෙ හඬ හීනයක් වගේ යුංගි ට දැනුනෙ.එකම වාක්‍ය කැඩිච්ච කැසට් එකක් වගේ යුංගි ගෙ මනස ඇතුලෙ නැවත නැවත කියවෙනවා.ඔහුව කෙමෙන් අන්ධකාරය වෙලාගන්නව, තම ශරීරය වළාකුලක් වගේ සැහැල්ලු බවක් දැනුනා.අද දවසෙ බීල වැඩි වෙලා කලන්තෙ කියල හිතද්දිම එයට නැවත ඇහැරුණා කටහඬක් හුරුපුරුදු කටහඬක්..
"ගි... යුංගි නැගිටින්..."
Suga pov
"ටේ..?"ආලෝකයට ඇස් හදාගෙන බලද්දි හිටියෙ ටේ.ඔව් මට වැරදෙන්න විදිහක් නැ.මම උදේ හවස දකින මගෙ මැනේජර්ව මම දන්නැද්ද..පොඩි වෙනස් තිබුණේ එයා වෙනද වගේ full suit නැ අද. Traditional විදිහටයි silk රෙද්දකින් මහපු ඇඳුමකින් ඇදලා..කොන්ඩෙ ගැටගහල...
ආහ් මොකක් අද විවිධ ඇදුම් තරගයක් වත් තියනවද.කොන්ඩෙ දවසින් වැවෙන්න පුළුවන් ද?..මම හීන දකිනවද කොහෙද.
“මොකක්ද ඔයාට උනේ..”හෙන නොඇහෙන ගානට යුංගි ඇහුවෙ තමාටත් නොදැනම..
“හහ්..මමය් ඒක ඔයාගෙන් අහන්න ඕන..කොහොමද දැන්..මාව මතකද,”
“මම කොහෙද මේ ඉන්නේ..”
මම හිටියෙ ටිකක් ලොකු කාමරයක තව ඇඳවල් තුනක් හතරක් තිබ්බ..ඒත් ඔක්කොම පරණ තාලෙ.මම නිකන් පරණ නාට්‍යක් රගපාන්න ඇවිල්ල වගේ..
“අපොයි!...ඔයා ඉන්නේ ඔයාගෙ කාබරෙ මිනිහෝ..පන්ඩිත කමට අද උදේ ගහගන්න ගිහින් ඔළුව වැදිල කලන්තෙ දැන්මා.."
YOU ARE READING
yoonkook soulmates
Romanceආත්ම ගානක් එකට එකතු වීමට බලා සිටින අහිංසක හදවත් දෙකක් Ranking 2 in #srilanka (2022/08/27)