ᴄʜᴀᴘᴛᴇʀ 𝟷𝟾 🥀

1.5K 262 162
                                    

කාලය හරිම ඉක්මනින් ගෙවීගෙන ගියා...

තප්පර විනාඩි උනා , විනාඩි පැය උනා , පැය දින උනා , දින සති වලට පෙරලමින් මාස ගානක් ගෙවීලා ගිහින් තිබුනා...

මේ වෙනකොට ජන්කුක් ටේහියුන්ග්වත් , ටේහියුන්ග් ජන්කුක්වත් මුලින්ම හමු වෙලා අවුරුද්දක් පහු වෙලා....

වෙනදා වගේම එයාලා පාක් එකක කෙලවරකට වෙන්න තිබ්බ බංකුවක් උඩින් වාඩි වෙලා හිටියා...

අද යුන්ගි එගොල්ලො එක්ක නොසිටියා...යුන්ගිට හදිස්සියෙම සෙට් උන බ්ලයින්ඩ් ඩේට් එකකට යන්න සිද්ද උනා...නමුත් ඒ යන්න කලින් යුන්ගි ගියේ ටේහියුන්ග් වගේම ජන්කුක්ටත් දාන්න තියෙන සම්පුර්ණ දණ්ඩ නිතී සංග්‍රහයම දාලා...

තප්පරෙන් තප්පරේ යුන්ගි කිව්වේම පරිස්සම් වෙන්න කියන වචන දෙක විතරයි...ටේහියුන්ග් ජන්කුක් දෙන්නාත් ඒ දේ උපරිමෙන්ම ඉශ්ට කරන්නම් කියලා යුන්ගිට පොරොන්දු දෙමින් අවසානේ යුන්ගිව තමන්ගේ ලඟින් අහකට යැව්වා....

ටේහියුන්ග් ජන්කුක්ගේ උරහිස උඩ ඔලුව තියන් ජන්කුක්ගේ ඇඟිලි එක්ක සෙල්ලම් කරා....ජන්කුක් ටේහියුන්ග්ගේ කර වටේ අත ඔතාගෙන එයාව තවත් පපුවට හේත්තු කර ගන්න ගමන් ඒ ඔලුව උඩින් නිකට තියා ගත්තා....

" ඩෝලී ? "

" හ්ම් ? "

" මං දෙයක් අහන්නද ? "

" මගෙන් දේවල් අහන්න මොකටද අවසර...කැමැති දෙයක් අහන්න ලිලී..."

ජන්කුක් කියද්දි ටේහියුන්ග් ටිකකට ඒ උරහිස උඩින් ඔලුව ඉස්සුවා....

" ඇයි ඩෝලී මට මලක නමක් දාලා තියෙන්නේ ? "

" ඇයි ලිලී නමට ආස නැද්ද ? "

" නැහැ , එහෙම දෙයක් නෙමෙයි...මෙච්චර මල් ජාති තියෙද්දි ඇයි ඩෝලි නමම මං වෙනුවෙන් තෝර ගත්තේ....? ඩෝලීට තිබ්බා නේ මට රෝස මල , කැමිලියා මල වගේ නමකින් කතා කරන්නත්..."

Love or hate 🥀 (Completed ✅) Where stories live. Discover now