ᴄʜᴀᴘᴛᴇʀ 𝟹𝟹 🥀

1.4K 222 168
                                    

ඇස් දෙක වැහිලා තිබ්බ ටේහියුන්ග්ව එකපාරම ගැස්සිලා ගියා....

ඒ මුහුන දිගේ සීතල වතුර බිංදු බේරීගෙන ගිහින් පහල තිබුන කලිසම සම්පුර්ණයෙන්ම තෙත් කරද්දි ටේහියුන්ග් හැදුවේ තමන්ගේ පියවිලා තිබුන ඇස් හෙමීට විවර කරන්න...

නමුත් ඒක හිතන තරම් ලේසි නොවුනා...

කලින් සිදු වීමෙන් නලල දිගේ ගලාගෙන ආව උකු ලේ ටේහියුන්ගේ ඇහි පිහාටූ උඩම කැටි ගැහිලා තිබ්බ එකෙන් ඒ ඇස් විවර කරන්න ටේහියුන්ග්ට තරමක් අපහසූ උනා....

" තව එකක් ගහපන්..."

ටේහියුන්ගේ කන් ඇතුලෙන් ඒ හඬ මොලේටම ඇදෙනකොට නැවතත් නොහිතුව විදිහට වැදුන වතුර පාරක් නිසා ටේහියුන්ග් ලොකු හුස්මක් සද්දෙන් උඩට අදින ගමන් ඇස් විවර කරා....

මුල් තප්පර කිහිපයේ ටේහියුන්ග්ට කිසිවක් හරිහැටි නොපෙනුනා....තමන් වටේ තිබ්බ එළිය ඇරුනාම එතනින් එහා සම්පූර්ණ අන්ධකාරයක් ගත්ත එකෙන් ටේහියුන්ග්ට තමන් ඉන්නේ කොහෙද කියන්නවත් හරි හැටි නොතේරුනා...

කොහොම නමුත් ඇස් පිල්ලම් කිහිපයක් ගහලා තමන්ගේ බොඳ උන ඇස් යාථා තත්වයට පත් කර ගත්ත ටේහියුන්ග් ඉන්න තැනෙන් නැඟිටින්න උත්සහා කරා....

" ස්ස්ස්ස් "

ඒ කෙදිරිය ටේහියුන්ගේ එකට එක ගැටිලා තිබ්බ දත් අතරින් එලියට විහිදුනා....

ටේහියුන්ග් හිටියේ ලී පුටුවක් උඩ...ඒ අත් ලී පුටුවේම දෙපැත්තට තියලා ලණුවකින් ගෙට ගහලා තිබුනා...ටේහියුන්ගේ කකුල් පවා තිබ්බේ පුටුවේ කකුල් වලට තියලා ගෙට ගහලා...

ටේහියුන්ග් මදක් දෙපැත්තට දඟලලා තමන්ව හිර කරලා තියෙන ලණු වලින් බේරෙන්න උත්සහා ගත්තාත් සිරීලා තුවාල උන මැණික් කටු එයින් තව තවත් වේදනාවට පත් උනා මිසක ටේහියුන්ග්ට එතනින් ගැලවෙන්න හීනේකින්වත් හිතන්න බැරි උනා....

" ක්ලවුන් ඇල්ෆා ලීඩර්...V ! කොහොමද ඉතිං ? "

කලුවර අතරින්ම නැවතත් කලින් ඇහුන කටහඬම ටේහියුන්ග්ට ඇහෙද්දි ටේහියුන්ග් තමන්ගේ හිසට උඩින් පත්තු වෙන බල්බ් එකේ ආධාරේන් ඒ හඬ ආව පැත්ත දිහා බලන්න උත්සහා කරා....

Love or hate 🥀 (Completed ✅) Where stories live. Discover now