ᴄʜᴀᴘᴛᴇʀ 𝟸𝟸 🥀

1.6K 280 156
                                    

ජිමින් ජන්කුක් එක්ක වෙච්ච කතා බහෙන් පස්සේ එහෙමම යුන්ගි ඉන්නවායි කිව්ව රූෆ්ටොප් එකට ගියා....

බලාපොරොත්තු උනා වගේම  රූෆ්ටොප් එකේ හිටිය යුන්ගි පැත්තක බිම ඉදගෙන ඒ පිට බිත්තියකට හේත්තු කරන් අහස දිහාවට තමන්ගේ ඇස් යොමූ කරගෙන හිටියා....

ටේහියුන්ගේ මැන්ශන් එක සෝල් වල පිහිටලා තිබ්බ නමුත් ඒ මැන්ශන් එක තිබ්බේ ජනාකීර්ණ නගරයෙන් පොඩ්ඩක් ඈතට වෙන්න...

අවට උසට නැඟුන ගොඩනැඟිලි වලිනුත් , නඟරේ පුරා විහිදෙන විදුලි බල්බ ආලෝකයෙනුත් මිදිලා තිබ්බ ටේහියුන්ග්ගේ මැන්ශන් එක නිසා රාත්‍රි අහස ඒ රූෆ්ටොප් එකට ලස්සනට වගේම පැහැදිලිව පෙනුනා...

යුන්ගි හඳ එලියෙන් දීප්තිමත් වෙච්ච රූෆ්ටොප් එක උඩ ඉන්නවා දැක්ක ජිමින් එතන ලයිස්ට් පත්තු නොකර අතේ තිබ්බ කෝපි කෝප්ප දෙකත් උස්සගෙන යුන්ගි ලඟට අඩි තිබ්බා....

" මං මෙතනින් ඉද ගන්නද ? "

ජිමින් යුන්ගිගේ ඉස්සරහා හිටගෙන එහෙම අහද්දි කලුවර අහසින් ඇස් අහකට කර ගත්ත යුන්ගි තමන්ගේ නවාගෙන ඉන්න දනහිස් උඩට වැලමිටක් බර කරලා ඒ වැලමිටම කම්මුලක් උඩින් තියාගෙන ජිමින් එක්ක හිනා උනා...

" ගෙදර ඕනර් , තමන්ගේ ගෙදරම බිම ඉද ගන්න පිට මිනිහෙක්ගෙන් පර්මිශන් ගන්න ඕන මිනී ? "

" ඒත් ඔයාගේ ගාවින් ඉද ගන්න පර්මිශන් ඕන නේ...නේද ? "

" මොකද නිකන් අමුතු විදිහට කතා කරන්නේ ? ඇවිත් ඉද ගන්න...කොහොමත් ඔච්චර තමා උස යන්නේ..."

යුන්ගි එහෙම කියනකොට ඒ අවසන් වාක්‍යත් එක්ක යුන්ගි දිහා බලලා ඔරවන්න ගත්ත ජිමින් එතනම බිම ඉදගෙන යුන්ගි වගේම පිට බිත්තියට හේත්තු කර ගන්න ගමන් කකුල් දෙක දිග ඇරියා...

ජිමින් නිහඬවම අතේ තිබ්බ කෝප්ප දෙකෙන් එකක් යුන්ගිට දෙද්දි එයාට මිමිනුම් ස්වරයකින් ස්තුති කරපූ යුන්ගි ආයේත් අහස දිහා බැලුවා....

Love or hate 🥀 (Completed ✅) Where stories live. Discover now