හතරවන දිගහැරුම

691 92 2
                                    

අහිංසක ආදරවන්තයා
•••••••••••••••••••••••

හතරවන දිගහැරුම
°°°°°°°°°°°°°°°°°°°°°

පෙර කොටස

පහුවදා  දවසම මම ගොඩක් කාර්‍යයබහුල උනා.. මම තාත්තා ට බිස්නස් වැඩ වගේකට උදව් කලා.. මොකද  එක්තරා විදියක මගෙ වගකීමක් ඒ....
ඒත් පුරුදු විදියට ම මම ඉක්මනටම ගෙදර දුවගෙන ආවෙ බෙල්ලන්විල යන්න බලාගෙනමයි...

"   අනේ ලමයො අද දවසම වැඩ කරලා මහන්සී නේද ...අදවත් ගෙදර ඉන්නකො... දවසක් ආවෙ නෑ කියලා ඔයා ගෙ බුදු සාදු තරහ වෙන්නෙ නෑ නේ..."

" අනේ අම්මෙ.. මම ආසාවෙන් නේ යන්නෙ....අනොක මට කිසිම මහන්සියක් දැනෙන්නෙ නෑ එහෙදි.. ගොඩක් සැහැල්ලුයි...කොහෙද ඉතිං ඔයා ලා පන්සලකට යන එකක් ඈ... පෝයට විතරයි යන්නෙ..."

" අනෙ අම්මේ.... හා හා පොඩි හාමූ.... ඕනි මගුලක පරිස්සමින් ගිහින් එන්න....
අහ් ඊට කලින් මේ තේබීලා යන්න...."

" අනෝ මගෙ සංකැටේට.ඩෝං.ගියා ද.. කෝ බබාට කුක්කු පොවන්න..."

" අනේ මල කෝළම් .. උබට පොවන්නෙ නෑ පුතේ ආයෙ පෙව්වොත් මුනුපුරා ට තමා..."

එකදිගට එකට එක කියාගත්තත් එකපාරටම ඒ වෙලාවෙ මම ගොළු උනා...ජීවිතේ කවදාවත් ඒ සතුට මගෙ අම්මලාට දෙන්න වෙන්නෙ නෑ නේ...මගේ ඇස් වල කදුළු කැට පිරුනෙ නිරායාසයෙන්මයි...එහෙන්මම   පස්සෙන් පස්සට ගිහින් කාර් එකට නැග්ගේ ඇත්තටම මම හොද සිහියකින් නෙමේ කියලා මට තේරුනත්..යතාර්ථය ට අපි හැමවෙලේම මුහුන දෙන්න ඕනි.... අම්මා ඇත්තටම ඒ පිට කලේ එයාගෙ හිතේ හංගගෙන හිටපු එක සුන්දර ආශාවක් ..ඒත් ඒ දේ මට කරන්න බැරි වෙයි නේද කියලා හිත තිත මම බෙල්ලන්විල ට යනකන් ම ඇඩුවා....

බුදු සාදු එක්ක ගත කරන කාලය ඇත්තටම ගොඩක් හිතට සැනසීමක් ගෙනාව... හැමදාම ඒ විදියට ඉන්න තිබ්බන්ම් කියලා හිතුනත් මගෙ හැගීම් ඒ දේවල් වලට බාධා ඇති කරනව කියලා මම දැනගෙන හිටියෙ.. මොකද කලකිරුනා කියලා හැමෝම මහණදම් පුරන්න ගියත් පුරුද්ද ලොකු වෙන අවස්ථා නැතුවම නෙවෙයි.. ඒකෙන් වෙන්නෙ නිර්මල බුද්ධ ශාසනය අභාවයට යන එක විතරයි ...

" සුමනලතා අත්තම්මා .... අදත් අර ලොකු උන්නැහැ එක්කද යන්නෙ..."

" කවුද පුතේ ඒ.. කා ගැනද කිව්වෙ.."

අහිංසක ආදරවන්තයාWhere stories live. Discover now