පස්වන දිගහැරුම

663 90 2
                                    

අහිංසක ආදරවන්තයා
••••••••••••••••••••••

පස්වන දිගහැරුම
°°°°°°°°°°°°°°°°°

අම්මට කෑම කවන ගමන් කටක් දෙකක් බඩට වැටුන නිසා මම ත් ඇගසෝදගෙන කෙලින්ම ඇදට පැන්නා...

නිදා ගන්න කියලා ඇස් පියා ගත්තත් අර අහිංසක ලමයගෙ ලස්සන මූන මගේ හැමතැනම හොල්මන් කලා.. ඇත්තටම මම ඒ ලමයට ආදරෙයි ද.. ඒත් එයාට කෙනෙක් ඉන්නව...අනේ එයා ඒ ලමයව හොදින් බලාගන්නවා ඇති නේද ...ඒ ලමයගෙ නම වත් අහගන්න බැරි උනානේ...හෙට ඇවිත් හිටියොත්  නම අහන්න ඕනි...
ඔය වගේ ප්‍රශ්න ගොඩක් මම මගෙන්ම අහ ගත්තා...ඕවා හිත හිත ඉන්න අතරේ මට ම නොදැනිම මට නින්ද ගිහින් තිබුනා ...

" පුතේ නැගිටින්න...පුතේ.."

" මො...ක..ද...අනේ අම්මෙ මේ උදේ පාන්දර ..."

මම නින්දේම ඒ විදියට ඇහුවෙ මොකක් හරි විශේෂ දෙයක් කියලා දැන දැනමයි.. නැත්නම් අම්මා කවදාවත් මගෙ නින්දට බාධා කරන්නෙ නෑ...

" මේ නැගිටින්නකො තාත්තා ට දෙයක් කියන්න තියනවා ලු....ඉක්මනටම එන්න කො ලමයො..."

"හා හා ඉන්න එනව එනව.."
බොහොම අමාරුවෙන් ඇදෙන් බැහැගත්තත්..
ඇද  අනේ මාව දාලා යන්න එපා කියනව වගේ ගොඩක් දුකින් මම දිහා බලාගෙන හිටියා....

" මොකද තාත්තා මොනවද කියන්න තියනවා කිව්වෙ..."

" පුතා අපේ බිස්නස් වැඩකට අද හවස නුවර යන්න වෙනවා..."
තාත්තා ඉදලා ඉදල ගෙනාවෙ මට න්ම් සුභ පුවතක් නෙමේ...

" අනේ දෙවියනේ අද හවස...මම ත් යන්න එන්න ඕනිද...දවස් කීයක්ද තාත්තා ..."

" ඔව් ඔයා යි මම යි නිහාලුයි යන්නෙ.... සතියක් එහෙ ඉන්න වෙනව... "

" අනේ තාත්තා එතකොට අම්මා පව් නේ...."

"අම්මට ලොකු නැන්දලෑ ගෙදර ඉන්න පුළුවන් නේ ලමයො...මොකද ඔයා අදිමදි කරන්නෙ   පුතේ.. වැදගත් වැඩක් තියනවා ද ..."

" අහ් නෑ නෑ... එ..එහෙම නැ..නෑ.."
කොහොමද කියන්නෙ අනේ මල්ලි කෙනෙක් ඉන්නව එයාව බලන්න ඕනි කියලා ....ඊටපස්සෙ ඉතිං මුල ඉදන් කතාව දිගාරින්න වෙනව..එහෙම උනොත් මෙයාලා අපි දෙන්නා ජෝඩු කියලා හිතලා තමා නතර වෙන්නෙ... ඒ හින්දා දැනට ඕනි නෑ.. අනික මට ඒ ලමයට ආදරේ කරන්න කිසි සේත්ම අයිතියක් නෑ නේ...

අහිංසක ආදරවන්තයාWhere stories live. Discover now