|🌹⃝✥⃟☺️᭄ 22𝚗𝚍 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 |
🕞
Jiyana's pov
මම ජන්කුක්ව එයාගෙ ගෙදර එක්කන් එද්දි රෑ අටත් පහු වෙලා. ජන්කුක්ව ඇගට වාරු කරන් පඩි පෙළ නැගපු මම එයාව ඇද උඩින් වාඩි කරවලා රූම් එක පූරාම හෙව්වෙ ෆස්ටේඩ් බොක්ස් එකක්. ෆස්ටේඩ් බොක්ස් එකක් හොයන් ඇවිත් එයාගෙ ළගින් වාඩි උන මන් ජන්කුක් අත මගෙ උකුල උඩින් තියන් එයාගෙ අතට බේහෙත් දාන්න පටන් ගත්තෙ ඇස් අග රැදිලා තිබුණ කදුළු කැට මගෙ පාලනයෙන් ගිලිහෙද්දි.
💜 " අහ්..! නූනා හෙමින්...😣 "
ජන්කුක් තොල කොණක් තදට හපාගෙන කෙදිරි ගෑවෙ මම එයාගෙ අතේ ගල් උන ලේ කොටන් වලින් පිහපු නිසයි.
💕 " සොරි...කූ...🥺 " මම කිව්වා.
මම එයාගෙ අතට පිඹින්න පටන් ගත්තෙ ජන්කුක්ගෙ වේදනාව අඩු කරවන්න හිතන්. මම එයාගෙ අත වටේ බැන්ඩේජ් එක එතුවෙ නොනවත්වා ඇස් අගින් ගිලිහෙන කදුළු වලින් කම්මුල් තෙමෙද්දි.
💜 " නූනා...ඔයා අඩනවද ඔය..?.."
ජන්කුක් ඇහුවෙ එයාගෙ නිදහස් අතින් මගෙ කම්මුල උඩින් තියන ගමන්. මම එයාගෙ අත මගෙ කම්මුලෙන් අයින් කරලා එයාගෙ මූණ දෝතට ගත්තා.
💕 " මේ අහන්න ජන්කුක්...මන් දන්නවා ඔයා... ඔයා ඉන්නෙ දුකින්..ඒත් ප්ලීස්..මෙහෙම හැසිරෙන්න එපා.. මේක ඒකට විසදුම නෙවෙයි... "
මම කියද්දි එයා මත් ගතියෙන් අඩවන් උන ඇස් වලින් මගෙ දිහා බලන් හිටියා.
ඇද උඩ තිබුණ ෆස්ට් ඒඩ් බොක්ස් එක වහලා ලෑම්ටේබල් එක උඩින් තිබ්බ මම ආයෙම ජන්කුක් දිහාවට හැරුනා.💕 " මේ වෙලාවෙ ඔයාට මේ දේවල් කියලා වැඩක් නෑ.... දැන් ඔයා ඉන්නෙ කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන් තත්වෙක නෙවෙයි... අපි හෙට කතා කරමු හොදද... දැන් නිදාගන්න. "
මම කිව්වෙ එයාගෙ අවුල් වෙලා තිබුන කළු කොන්ඩෙ අතරින් ඇගිලු යවන ගමන්.
Author pov
ජන්කුක්ගෙ නළල මතින් උණුසුම් හාදුවක් තවරපු ජියානා ඇදෙන් නැගිට්ටෙ රූම් එකෙන් එළියට යන්න හිතන් උනත් යන්න ගිය කෙල්ලගෙ අතින් ඇදලා අරන් ජන්කුක් කෙල්ලව එයාගෙ උකුල මතින් ඉන්දව ගෙන කෙල්ලගෙ ඉන වටෙන් අත් යවලා ජියානාව බැක් හග් කරා.
YOU ARE READING
Because of you | JJK ✓
RomanceDon't copy my work 🚫 JEON JUNGKOOK | MAIN Sinhala fanfiction Because of you __________________________ " දවසක ඔයා මට වඩා වෙන කෙනෙක්ට ආදරේ කරයිද...?..." " සමහරවිට " " මො-මොකක්..??...." " හැබැයි දන්නවද දෙයක්..?..." " මොකද්ද...?...." " දවසක ඒ කෙනා ඔයා...