25| Because of you | END ❤️

958 95 22
                                    

|🌹⃝✥⃟☺️᭄ 25𝚝𝚑 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 |

💕 " මගෙ කූ.....🥺.. "

💜 " මැණික...." ජන්කුක් එයාගෙ අත් දෙපැත්තට දික් කරේ ජියානාට එයාගෙ උණුසුම් පපුවට ගුලි වෙන්න ආරාධනා කරමින්.

සුදු පැහැති හිම පියළි මත ස්ලිපර්ස් දෙකක් වත් නැතුව අඩිය තියපු කෙල්ල ජන්කුක්ගෙ කර වටේ අත් පටලන් කොල්ලාට තුරුල් උනේ ජන්කුක් කෙල්ලව තදින් බැක් හග් කරද්දි. අවුරුදු ගානක් මගහැරුන ඒ උණුසුම ජියානා වින්දෙ නිමක් නැති කදුළු කැට කම්මුල් තෙමද්දි. ජියානා හුග වෙලාවක් ඒ උණුසුමට,සුවදට ගුලි වෙලා ඉකි ගැහුවා. මොහොතකට කෙල්ලව තමන්ගෙන් ඈත් කරපු ජන්කුක් ජියානාගෙ කම්මුල් වලට තොල් තිබ්බෙ කෙල්ලගෙ මූණ දෝතට ගන්න ගමන්.
ජන්කුක් කෙල්ලගෙ මූණම හාදු වැස්සකින් තෙමුවෙ පිස්සුවෙන් වගේ.

💜 " මට සමාවෙන්න මගෙ මැණික..ආපහු එන්න මෙච්චර පරක්කු උනාට...." ජන්කුක් කිව්වෙ ජියානාගෙ කදුළු වලට නොදෙවෙනි විදිහට ඇස් අගින් ගිලිහුණු කදුළු කම්මුල් දිගේ පහලට රූටද්දි.

🎀 " ඔම්මා....." ආරි ජියානාගෙ ගවුමෙ කොනක් අතේ ගුලි කරන් පහලට ඇද්දෙ පුංචි ආරිට මේ වෙන කිසිම දෙයක් ගෙන තේරුමක් නොතිබුණ නිසයි.
ජන්කුක්ගෙ ඈත් උන කෙල්ල ආරිගෙ හිස පිරිමැද්දෙ ආදරණීය බැලමකින් පුංචි ආරි දිහා බලන ගමන්.

💜 " ඔම්මා..???..." ජන්කුක් ආරි දිහාත් ජියානා දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන් මිමිණුවෙ හිස් හැගීමකින්.

🎀 " ඔම්මා කව්ද මේ සම්චොන්...ඇයි එයා මගෙ ඔම්මාව කිස් කරේ.." ආරි ඇහුවෙ ජියානාගෙ කකුලක් තදින් බදා ගන්න ගමන්. ජන්කුක් අතේ තිබුණ මල් පොකුර කොල්ලාගෙ අතෙන් ගිලිහුනේ නිමේශයකින්.

💜 " ජියානා ඔයා.. ඔ..යා...මැරි කරාද..?.." කොල්ලා ඇහුවෙ බිදුණු කට හඩකින්.

💥👋

ජියානා කොල්ලාගෙ කම්මුල හරහා පාරක් දුන්නෙ මාරාන්තික බැල්මකින් කොල්ලා දිහා බලන ගමන්. කෙල්ලගෙ වේළුන කදුළු ආයෙම අලුත් උනේ ජන්කුක්ව මරන් කන්න තරම් කේන්තියක් හිතට දැනෙද්දි.

💕 " මොඩයා....🥺
පිස්සු හැදිලද තමුසෙට...තමුසෙ ගියත් මම යන්නෑ කියලා කිව්වා මතකද..??...
මතක නෑ නේද..?...කොහෙම මතක තියෙන්නද කන පැලෙන්න බීලානේ හිටියෙ....." කෙල්ල අඩ අඩ කිව්වෙ ජන්කුක්ගෙ පපුවට අත මිට මොළවලා ගහන ගමන්. කොල්ලා උන්නෙ කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව.

Because of you | JJK ✓Where stories live. Discover now