|🌹⃝✥⃟☺️᭄ 8𝚝𝚑 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 |
අත් දෙක බැදගෙන වැස්ස දිහා බලන් ඉන්නවා ඇරෙන්න අපි දෙන්නට වෙන කරන්න පුලුවන් දෙයක් තිබුනෙ නෑ. දෙවියොත් අතල් ගන්න අපෙන්මයි. මමයි සර් වැස්සෙ තෙමි තෙමි කාර් එකේ යතුර හැමතනම හෙව්වා. ඒත් ඒක හම්බවුනෙ නෑ. යතුර තිබුනානම් ඔළුවෙ ඉදන් බ්ලැන්කට් එක පොරවන් මම මෙලහට සැපට නිදි. මේක වැස්සක්ද කුනාටුවක්ද මන්දා.
වින්ටර් සීසන් එක ලග නිසා වතුර අයිස් වගේ සීතලයි. තෙමිලා ඉන්න නිසා හුළං ඇගේ වදිනකොට හිරිගඩු පිපෙනවා. මම මගෙ වෙව්ලන ඇගිලි තුඩු එකට අතුල්ලලා උණුසුම් වෙන්න උත්සාහ කරත් ඒක හරියන වැඩක් නෙවෙයි.
💜 " ඔයාට සීතලයිද..?.."
ජන්කුක් සර් මගෙ පැත්තට හැරෙන ගමන් ඇහුවා.
💕 " ටිකක්.."
මම හිනාවෙලා එයාට උත්තර දුන්නා. ඒත් එක්කම මාව ගැස්සිලා ගියෙ මුළු අහසම එළිය වෙලා මහා හයියෙන් අකුණුක් ගහපු නිසයි.
💕 " ඈ ඈ ඈ ඈ.....😫😫... "
මම හයියෙන් කෑ ගහන ගමන් මොහොක හරි එල්ලිලා තදින් ඇස් පියා ගත්තා විතර මට මීටර්. අකුණු භීෂණේ කෙමෙන් පහව යනකොට මම හෙමීට ඇස් ඇරලා බැලුවා. හත්තිකේ....ජියා මොනවද යකෝ මේ කරන සිගිති වැඩ.
මම උන්නෙ ජන්කුක් සර්ගෙ අත් අතර. එයා මාව වඩාගෙන උන්නෙ හරියට නර්සරි ගෙනියන පොඩි බබෙක්ව වඩන් ඉන්නවා වගේ. මට වහ ටිකක් දෙන්න ප්ලීස්. මම ජන්කුක්ගෙ බෙල්ල අස්සෙ මූණ හංග ගත්තෙ ලැජ්ජාව මුළු ඇග පුරාම දුවද්දි. එයා ලග හරි සුවදයි....හැම කොල්ලෙක් ළගම මේම සුවදද දන්නෑ..නොකිව්වට මගෙ අයියන්ඩි ලගත් මේ වගේම සුවදයි. මම ඕවා කියන්න යන්නෙ නැත්තෙ ඕක අහලා ඒකා උඩ ගිහින් සිවිලිම කඩයි කියන බයට.
යාහ්..!! ජියා උබට මාන්දමද බං..??..මගුලවල් හිත හිත ඉන්නෙ නැතුව මේ මනුස්සයගෙ ඇගෙන් බිමට බැහැපිය...මම හොද හුස්මක් අරන් සර්ගෙ උරහිස් වලට අත් දෙක තියලා එයාගෙ මූණ දිහා බැලුවා.
YOU ARE READING
Because of you | JJK ✓
عاطفيةDon't copy my work 🚫 JEON JUNGKOOK | MAIN Sinhala fanfiction Because of you __________________________ " දවසක ඔයා මට වඩා වෙන කෙනෙක්ට ආදරේ කරයිද...?..." " සමහරවිට " " මො-මොකක්..??...." " හැබැයි දන්නවද දෙයක්..?..." " මොකද්ද...?...." " දවසක ඒ කෙනා ඔයා...