24| After long time ⏳

590 81 6
                                    


|🌹⃝✥⃟☺️᭄ 24𝚝𝚑 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 |

Jiyana's pov

ලාවට ඇගේ වැදීගෙන ගිය හිරිපොදෙත් එක්කම මම අවුරුදු පහක් ආපස්සට ගියෙ ඒ අතීතය පිළිබඳ මගෙ හිතේ තිබුණ මතකයන් අලුත් කරමින්. ඔව් දැන් අවුරුදු පහක්ම ගෙවිලා ගිහින්. කාලය ගත උනේ හරිම හෙමින්...මට
දැනුනෙ හරියට අවුරුදු දහයක් විතර ගෙවිලා ඉවර උනා වගේ. ගෙවුන හැම තප්පරයකම මම ජීවත් උනේ එයාගෙ මතකයන් එක්ක. අපි දෙන්නා එක්ක හිනා වෙවී අත් අල්ලන් ඇවිද්ද පාරවල් වල මම තනියම ඇවිදන් ගියා. මට තනියක් තිබුණෙ නෑ අපේ මතක මගෙ තනියට හිටපු නිසා. මැරෙන්න කළින් තව එක සැරයක් මට ඔයාව දක්කින ඕනෙ මගෙ රත්තරං....
එදා වගේම අදත් මම විශ්වාස කරනවා කවදම හරි දවසක ඔයා මාව හොයන් එයි කියලා. මං බලන් ඉන්නවා....
ඔයා ගැන මතක් කරද්දි අදටත් මගෙ ඇස් වලට කදුළු පිරෙන්නෙ අවසරයකින් තොරවමයි...
අරුදු පහක ලස්සන අතීතයෙ අතරමං වෙලා උන්න මම පියවි සිහියට ආවෙ ආරිගෙ කටහඩට.

🎀 " ඔම්මා......." ආරි දුවගෙන ඇවිත් මගෙ අතේ එල්ලුනේ මූණත් බෙරි කරන්.

💕 " මොකද උනේ ආරි..." මම ඇහුවෙ ආරිගෙ මූණ දෝතට ගන්න ගමන්.

🎀 " ටුට්ටක් එන්නකූ.. පහළට යන්න...මට සෙල්ලම් කරන්න කාරුත් නෑ අනේ... "
අරි මගෙ අතින් ඇද ඇද කියද්දි මම ඉදන් උන්න තැනින් නැගිටලා කෙල්ලව වඩාගෙන ආරිගෙ කම්මුලට තොල් තිබ්බා.

💕 " යමු..." මම කියද්දි ආරි මගෙ බෙල්ල බදා ගත්තෙ හිනා වෙලා.

------------------

🖤 " තාම ඉවර නැද්ද...?..."

යුන්ගි ඇහුවෙ මුළු ක්ලෝසෙට් එකේම රෙදි ඇද උඩට හලාගෙන තමන්ට රවමින් Stick Hangers වල ඇදුම් රදවමින් උන්න ටේහිගෙන්. කෙල්ල යුන්ගිව ගනන් නොගෙන දිගටම එයාගෙ වැඩේ කරා.

🖤 " මාත් උදව් කරන්නද..?.." කොල්ලා අහද්දි ඔළුව උස්සලා කොල්ලා දිහා බලපු කෙල්ල ඇස් හීනි කරලා යුන්ගිට රැව්වා.

🖤 " රවනකොටත් ඔයා හරිම ලස්සනයි මිසිස් මින්..." යුන්ගි කිව්වෙ කින්ඩියය හිනා වෙන ගමන්.

🖤 " තව ගොඩක් වෙලා යයිද..?.." කොල්ලා ටේහි ළගින් වාඩි වෙන ගමන් ඇහුවා. ඒත් කෙල්ලනම් වචනයක්වත් කතා කරේ නෑ.

Because of you | JJK ✓Where stories live. Discover now