අද 2023 ජූලි මාසේ 27 වෙනිදා.
ජීවිතේ කොච්චර නම් ගෙවන්න අමාරුද කිව්වොත් අවලාද අපහස අහලා විදලම ජීවිතය එපා වෙලා.මැරෙන්න බැරි කමට නොමැරී ජීවත් උනත් මැරෙන්න හිතෙන තරමටම ජීවිතය අපායක් වෙලා.
රාග ගින්න නිසා මෙච්චර හරියක් වෙයි කියලා මම කවදාවත් හිතන්නේ නැතුව ඇති.
මම,
මම කොහොමද මාව හදුන්වලා දෙන්නේ.
හරි. මම කියන්නම්.
මගේ නම මෙනුරි සෙහන්සා අබේනායක.
මට වයස අවුරුදු 21 යි.
ඉස්කෝලෙ කාලේ යාළුවෝ කිව්වේ මෙනූ කියලා.
අම්මා කතා කළේ පොඩ්ඩි කියලා.
තාත්තා කිව්වේ මැණිකේ කියලා.
එතකොට මගේ අයියා වගේම අක්කා කතා කලේ චූටි කියලා.නම් ගොඩයි නේද.
ඒත් ඉස්කෝලෙ මම කොල්ලො අතරේ ප්‍රසිද්ධ උනේ බඩුව කියලා.
ඔව් මම ඒ කාලේ බඩුවක්... ඉස්කෝලෙ හිටපු හෙනම කෑල්ලක්.
අපි එහෙම හිතමු.ඒත් දැන් සමාජේ ඉන්න මිනිස්සු මට ඊට වඩා දේවල් කියනවා.
ඉස්කෝලෙ කාලේ බඩුවක් උන මම සමාජේ ඉස්සරහ අවලමේ යන ගෑණීයක්.
රෑ තිස්සේ පිරිමි එක්ක රතිකෙළියේ යෙදිලා බඩ උන ගෑණියක්.
අප්පෙක් නැති අවජාතක දරුවෙකුගේ මවක්..ඉතිං මේ මෙනුරි සෙහන්සා අබේනායකව හදුන්වන්න ගොඩක් නම් තිබුණා....
මම කැමති මගේ කතාව ඔයාලාට කියන්න.
ඒ කතාවේ අවසානයේ ඔයාලත් මට නමක් දෙයි...27/07/23
මෙනූකතෘ සටහන †
නොමේරූ ලඳුන්
මේක මගේ හිතට ආපු පුංචි අදහසක්... ඉතිං කැමති ළමයි කියවන්න.... හරියටම කිව්වොත් සමාජයේ අවලාද අපහාස වලට ලක් වෙන බඩ උනු කාන්තාවකගේ ජීවිත කතාවක් වගේ....
පුංචි කොටස් කිහිපයක කතාවක්..
කැමති අය රසවිඳින්න.... ඔයාලාගෙ අදහස් කියාගෙන යන්න...
07/27
ක්‍රිෂ්
YOU ARE READING
නොමේරූ ලඳුන් ✔️
Non-Fictionසමාවෙයන් මගේ අම්මේ උඹේ දුවට හිතලා නෙමෙයි බඩ උනේ ඒ රාගයට පියෙකු නොමැති දරුවෙකු හා තනිව සිට ගෙවන ජීවිතේ කරුමය දැනෙයි මට සල්ලාලයින් හා එක්වී යහන් වල ලැබුවා සතුට ඉදිරිය ගැන නොසිතා මම ඔහුත් ගියා දරුවා බඩට දී මැකිලම කුමක් කරන්නද නොදනිත් බඩුව මම. ඇහුවා න...