උඹ දන්නවද මගේ පුතේ මිනිස්සු හරි දක්ෂයි අපහාස කරන්න.
කතා හදන්න.ඒත් උඹ එහෙම වෙන්න ඕනේ නෑ මගේ පුතේ.
අම්මා වැරදි, අම්මා ගොඩක් නරකයි, අම්මා ඒත් උඹට වරදක් කරන්නේ නෑ මගේ පුතේ.
කවදා හරි දවසක උඹ මගෙන් ඇහුවොත් තාත්තා කඔ කියලා. මම එදාට ගොළු වෙයි මගේ පුතේ.
මොකද උඹ අවජාතකයෙක් නෙමෙයි මගේ පුතේ.
උඹ මනුස්ස ජීවිතයක් බේරපු සත්පුරුෂයෙක්...
සූර්ය ආලෝක් අබේනායක.
මම මගේ පුතාට දාපු නම..
මේක හරි දූෂිත සමාජයක් මගේ දරුවෝ..
ඒත් උඹ මේ දූෂිත සමාජයෙන් ඔබ්බට ගිහින් ලස්සන සූරියකාන්ත මලක් වෙලා ඉපදියං....හැම කෙනෙක්ටම හොඳ කෙනෙක් වෙයං..
ගැහැණියට ගරු කරපං..
සෙල්ලම් බඩු විදියට තකන්න එපා කවදාවත්.
මොකද ගෑණු මෝඩයි...හැගීම් වලදි උන් මෝඩයි..හැගීම් වලට එයාලා ලෝභයි.
ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පිරිමියෙක් වෙන්න එපා පුතේ...උඹට කියන කතා දෙපිටින් යන්න උඹ ලොකු මිනිහෙක් වෙයං.
කවදා හරි උඹේ අම්මට සැනසීමේ ඇස් පියා ගන්න පුළුවන් වෙයි අන්න එදාට.
***
මෙනුරි සෙහන්සා අබේනායක.
සමාප්තයි.
*"*
YOU ARE READING
නොමේරූ ලඳුන් ✔️
Non-Fictionසමාවෙයන් මගේ අම්මේ උඹේ දුවට හිතලා නෙමෙයි බඩ උනේ ඒ රාගයට පියෙකු නොමැති දරුවෙකු හා තනිව සිට ගෙවන ජීවිතේ කරුමය දැනෙයි මට සල්ලාලයින් හා එක්වී යහන් වල ලැබුවා සතුට ඉදිරිය ගැන නොසිතා මම ඔහුත් ගියා දරුවා බඩට දී මැකිලම කුමක් කරන්නද නොදනිත් බඩුව මම. ඇහුවා න...