2015 මැයි 15
මට අදටත් ඒ දවස හොඳට මතකයි. මම එතකොට හිටියේ ඉස්කෝලේ 8 වසරේ....
මං ගොඩක් දක්ෂයි.
ඉගෙනීමට වගේම මම සෞන්දර්ය විෂය විදිහට කරේ නරතනය. මගේ නර්තන හැකියාවට ගුරුවරු පවා හොඳ කිව්වා... මම ඒ දවස් වල 8- C එකේ පන්ති නායිකාව.
හය,හත,අට කියන්නේ ගෑණූළමයින්ගේ වර්ධනයේ වගේම ශරීරය ඇතුලේ තියෙන හෝමෝන වල වෙනස්කම් රැසක් ඇති වෙන අවුරුදු කිහිපයක්...අපේ අම්මා මට නිතරම කියලා තියෙනවා.
" පොඩ්ඩි ටොයිලට් එකට යනකොට හදිසියෙවත් ඔයාලාගෙ යට කලිසමේ මොනවා හරි දුඹුරු පාටට, කුණු ලේ පාටට ගෑවිලා තිබුනොත් ඉස්කෝලෙ මිස් කෙනෙක් ට අනිවාර්යෙන්ම කියන්න දරුවෝ... හංගගෙන එහෙම ඉන්න එපා.... "
මට පුංචි අවබෝධයක් තිබුණා ඒ පිළිබඳව... මොකද මන් දැකලා තියෙනවා මීට කළින් මගේ යාළුවෝ කිහිප දෙනෙකුටත් එහෙම වෙලා අම්මලා ඇවිත් සුදු රෙද්දකින් වහලා අරගෙන ගියා...
මට ඒ ගැන පුංචි අවබෝධයක් තිබුනේ අක්කා නිසා.... මල්වර වෙන එක.... ඒක ගෑණු ළමයෙක්ට සාමාන්‍ය දෙයක්...
වැඩි වියබ පත් වෙනවා කියන දේ...මට අද වගේ මතකයි එදා මම හිටියේ නැටුම් පීරියඩ් එකේ නට නට.... මම ගොඩක් නැටුවා... මොකද එක්සෑම් කිට්ටු නිසා අපේ ප්‍රැක්ටිකල් ගත්තා. ඉතිං නැටුම් කරන ළමයෙක්ට තියෙන තරමක් තියෙන්නේ නටන්න නේ....
මට මහන්සි නිසා මම පන්තියට ගියා.... ගණන් පීරියඩ් එකට වාඩි වෙලා කයියක් දාගෙන ගනන් හද හද ඉන්නකොට මිස් බෝඩ් එකට ගානක් දැම්මා....මම හිටියේ පොතේ ගානට අවධානය දීගෙන නිසා මිස් මට කතා කළා..
" මෙනුරි... ඇවිත් මේ සමීකරණය විසඳන්න.... "
මම ගණන් හදන්න බය නෑ..... මොන විදිහකින් හරි හදනවම තමා. මිසුත් ඒක දන්නවා... ඉතිං මම නැගිට්ටා... නැගිටලා ඉස්සරහට යනකොට කොල්ලො ටික සූ සූ ගාන්න ගත්තා...
මම පිටිපස්ස හැරිලා බැලුවා.. ගෑණු ළමයි නම් කොල්ලන්ට බනිනවා... මගේ යාළුවා නෙත්මි ඉක්මනට මගේ ළඟට එනකොට එක කොල්ලෙක්," ඒ මෙනුරි උඹේ පුකේ තින්ත ගෑවිලා.... "
එකෙක් කෑ ගැහුවා.... නෙත්මි අවිත් මාව ඇදගෙන ගියා එළියට ඉක්මනට... මිසුත් මං එක්කම ආවා.... මට තේරුණා වැඩේ....
කොහොමින් කොහොම හරි අම්මා ඇවිත් මාව අරගෙන ගියා... ඒකත් සුදු රෙද්දකින් වහලා මුළු ඉස්කෝලෙටම මැජික් පෙන්න පෙන්න... බොරු වැඩ මං නම් කියන්නේ....
අන්තිමේදී මාසයක් විතර වැටකොළු පතෝල ගිලලා ගිලලා මුළු ගම හෙල්ලෙන්න කොටහළුවකුත් ගත්තා....
මම එදා ලස්සනයි..... මගේ දිහා කොල්ලො දෙසැරයක් බලන තරමට ලස්සනයි...මම සුදුයි... කෙට්ටුත් නෑ මහතත් නෑ. ශේප්... කොණ්ඩේ කලවා වල ගැවෙන තරමට දිගයි... ඉතිං මං මාසයක් ගෙදර.... එක්සෑම් මිස් උනා...
අම්මලා නම් ඉතිං කොටහළුව බරටම ගත්තා.... මං පවුලේ පොඩි එකිනේ.... විසේ ඇති කටකාර කෙල්ල නේ...
ගමේ අය නම් කිව්වේ කෙල්ල ලොකු ළමයෙක් උනත් විසේ නම් අඩු නැති වෙයි කියලා..
සමහර වයසක ගෑණු කියනවා මට ඇහුණා.
" දැන් ඉතිං තනි පංගලමේ එළියට යනවා එහෙම නෙමෙයි... කෙල්ල විසේ ඇති ලස්සන එකී... කළු කුමාර දෝස එහෙම එන්න පුළුවන්... පරිස්සම් කර ගනිං... "
ඔය විදිහේ අනං මනං කතා ඇහුණා... මම නෙමෙයි සත පහකට ගනන් ගත්තේ...
මං ලොකු ළමයෙක් උනාට පස්සේ හරියට වෙනස් උනා බලාගෙන ඉදිද්දි වෙනස් උනා...
මං මගේ අවාසනාවට මම ම වල කපා ගත්තා..
.
.
.මෙනුරි සෙහන්සා අබේනායක.
YOU ARE READING
නොමේරූ ලඳුන් ✔️
Non-Fictionසමාවෙයන් මගේ අම්මේ උඹේ දුවට හිතලා නෙමෙයි බඩ උනේ ඒ රාගයට පියෙකු නොමැති දරුවෙකු හා තනිව සිට ගෙවන ජීවිතේ කරුමය දැනෙයි මට සල්ලාලයින් හා එක්වී යහන් වල ලැබුවා සතුට ඉදිරිය ගැන නොසිතා මම ඔහුත් ගියා දරුවා බඩට දී මැකිලම කුමක් කරන්නද නොදනිත් බඩුව මම. ඇහුවා න...